Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නකු වන හර්බජාන් සිං සියලුම ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙයි.!

ඉන්දීය සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් හර්බජාන් සිං මේ බව නිල වශයෙන් දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

මේ වනවිට 41 වන වියේ පසුවන හර්බජාන් සිං, ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 103ක්, එක්දින තරග 236ක් සහ විස්සයි විස්ස තරග 28කට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව වන අතර එතැන් පටන් අද දක්වා ඔහුට ඉන්දීය ජාතික කණ්ඩායමේ දොරටු විවර වන්නේ නැහැ.

කෙසේ නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල පසුගිය වසර දක්වාම සක්‍රිය ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට හර්බජාන් සිංට හැකියාව ලැබුනා,

සිය සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් ඔහු සිය නිල ට්විටර් ගිණුමට එක්කර තිබූ සටහනේ දැක් වුණේ සියලු යහපත් දේ අවසන් වී අද වනවිට මගේ ජීවිතයට සෑම දෙයක්ම ලබා දුන් ක්‍රීඩාවට සමුදෙන බවත්, වසර 23ක මෙම දිගු ගමන සුන්දර හා අමතක නොවන බවත්, සියලු දෙනාටම ස්තූතිවන්ත වන බවයි.

හර්බජාන් සිං තැබූ එම ට්විටර් සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button