Cricket NewsEXCLUSIVEInternational

LPL තරඟාවලියේ සුපිරි දස්කම් දැක් වූ Phil Salt සහ Tom Banton එංගලන්ත T20 සංචිතයට කැඳවයි.!

එළැඹෙන 2022 වසරේ ජනවාරි මස 23 වනදා සිට ආරම්භ වීමට නියමිතව ඇති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා වන එංගලන්ත විස්සයි විස්ස සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විතව ඇති මෙම එංගලන්ත සංචිතයට නායකත්වය සපයනු ලබන්නේ Eoin Morgan විසිනුයි.

එමෙන්ම පසුගියදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී සහ අබුඩාබි T10 තරඟාවලියේ දී සුපිරි දස්කම් දැක්වූ Phil Salt සහ Tom Banton ද බටහිර ඉන්දීය කොදෙව් දේශයට එරෙහිව එංගලන්ත විස්සයි-20 සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

LPL තරඟාවලියේදී Phil Salt විසින් Dambulla Giants කණ්ඩායමත් Tom Banton විසින් Colombo Stars කණ්ඩායමත් නියෝජනය කරනු ලැබුවා.

කොදෙව්වන්ට එරෙහිව නම් කරන ලද එංගලන්ත විස්සයි විස්ස සංචිතය පහතින්,

Eoin Morgan(C), Moeen Ali, Tom Banton, Sam Billings, Liam Dawson, George Garton, Chris Jordan, Liam Livingstone, Saqib Mahmood, Tymal Mills, David Payne, Adil Rashid, Jason Roy, Phil Salt, Reece Topley, James Vince.

එංගලන්තය සහ කොදෙව්වන් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තරග කාල සටහන පහතින්,

Saturday, January 22 – 1st T20I West Indies v England, at Kensington Oval, Barbados

Sunday, January 23 – 2nd T20I West Indies v England, at Kensington Oval, Barbados

Wednesday, January 26 – 3rd T20I West Indies v England, at Kensington Oval, Barbados

Saturday, January 29 – 4th T20I West Indies v England, at Kensington Oval, Barbados

Sunday, January 30 – 5th T20I West Indies v England, at Kensington Oval, Barbados

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7