Cricket NewsEXCLUSIVEInternational

රට වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු දඟපන්දුවේ ස්වර්ණමය හස්තය ලෙසින් සැලකෙන හිටපු ක්‍රීඩක ශේන් වෝන්ට රාජ්‍ය අනුග්‍රහයෙන් අනුස්මරණ උත්සවයක්.!

ඔස්ට්‍රේලියානු දඟපන්දුවේ ස්වර්ණමය හස්තය ලෙසින් සැලකෙන හිටපු පා දඟපන්දු යවන ක්‍රීඩක ශේන් වෝන් තායිලන්තයේ පිහිටි සංචාරක හෝටලයක් තුලදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේය.වෝන්ගේ අභාවය ජාත්‍යන්තරය තුල දැඩි කතාබහක් නිර්මාණය කල අතර එය විශාල ශෝකයක් ද ඉතිරි කලේය.

ඔස්ට්‍රේලියානු රජය වෝන් ගේ අනුස්මරණ උත්වසය රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වන්නට අපේක්ෂා කරන බව වික්‍ටෝරියා ප්‍රාන්ත රජය මීට සතියකට පමණ ඉහතදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

එරට රජය ජාත්‍යන්තර මාධ්‍යට වෝන්ගේ අනුස්මරණ උත්වයට පැවැත්වෙන දිනය හා වේලාව ප්‍රකාශ කර තිබුණි.

වෝන්ගේ ස්වර්ණමය ක්‍රීඩාංගණ අතුරින් මෙල්බර්න් ක්‍රීඩාංගණයට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයකි.

වෝන් සිය 700 වැනි ටෙස්ට් කඩුල්ල හා අලුබඳුන තරඟාවලියේදී එංගලන්ත පිතිකරණ බලැණිය විනාශ කරමින් ඔහු මෙල්බර්න් පිටියේ අග්‍ර ගණයේ මතකයන් රැසක් සමස්ත ඔස්ට්‍රේලියානු වා තලයටම මුදාහැරියේය. ඒ හේතුවෙන් එරට රජය තීරණය කලේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී අනුස්මරණ උත්සවය පැවැත්වීමටය.

ශේන් වෝන්ගෙ පවුලේ අය, මිතුරන්, සම්භාවනීය අමුත්තන් සහ ආරාධිත අමුත්තන් සඳහා මෙහිදී ආසන වෙන් කරනු ලැබේ.

අනුස්මරණ උත්සවය් මාර්තු 30 වැනි බදාදා දින 5.30 ට ආරම්භ වීමට නිහමිත අතර කොවිඩ් ආරක්ෂක විධි විධාන මධ්‍යයේ එය පවත්වන්නට නියනුත බවයි එරට ප්‍රාන්ත රජය නිවේදනය කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button