Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟයේ අවසන් භාගයේ පිටියට පිවිසි Hardik Pandyaගෙන් ගිනිකෙළි සැණකෙළියක්.!

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 211 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

එහිදී ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ආරම්භක පිතිකරු Ishan Kishan පන්දු 48 ක් තුල වේගවත් ලකුණු 76ක් රැස් කිරීමට සමත් වුණා.

මේ අතර ඉන්දීය ඉනිමේ අවසන් භාගයේ දී පිටියට පිවිසි Hardik Pandya පන්දු 12ක් තුළ වේගවත් ලකුණු 31ක් රැස්කළ අතර ඔහුගේ මෙම වේගවත් ඉණිමට දැවැන්ත හයේ පාරවල් 3ක් සහ හතරේ පහරවල් 2ක් ඇතුළත්.

Hardik Pandyaගේ මෙම වේගවත් විශිෂ්ට ඉණිම හේතුවෙන් 211 දැවැන්ත ලකුණු පුවරුවක් කරා යාමට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

පසුගිය කාලසීමාවේ ඉන්දීය කණ්ඩායම තුළ Hardik ගේ ස්ථානය පිළිබඳ දැඩි ප්‍රශ්නාර්ථයක් පැවති අතර එම ප්‍රශ්නාර්ත වලට පිළිතුරු දෙමින් රැස් කළ මෙම වේගවත් ඉණිම පිළිබඳව විචාරකයන්ගේ පවා අවධානය යොමු වී තිබුවා.

Hardik Pandyaගේ එම කෙටි ගිණිකෙළි සැණකෙළිය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button