Cricket NewsEXCLUSIVET10 League

චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර ලොව වේගවත්ම ක්‍රිකට් ආකෘතිය වන Abu-Dhabi T10 හි දැවැන්ත මුදලකට අළෙවි වෙයි.!

ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම තරඟ ඉසව්ව ලෙසින් හැඳින්වෙන Abu-Dhabi T10 තරගාවලියේ 2022 තරගාවලියට ක්‍රිඩකයන් තෝරා ගැනම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට පැවැත්වෙනවා.

මෙම ක්‍රීඩක වෙන්දේසියේ අලෙවි වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක චාමික කරුණාරත්නව The Samp Army කණ්ඩායමට මිලදී ගැනීමට කටයුතු කළා.

එමෙන්ම ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක දුෂ්මන්ත චමීරවද Northern Warriors කණ්ඩායම මිලදී ගනු ලැබුවා.

ඒ අනුව මෙවර T10 තරගාවලියේ ශ්‍රී ලංකා නියෝජන් ගණන 7ක් දක්වා ඉහළ ගිය අතර එම ක්‍රිඩකයන් පහතින්,

මේ දක්වා මෙවර T10 තරගාවලියට එකතු කර ගත් ශ්‍රි ලංකා ක්‍රීඩකයින් ,

මතීෂ පතිරණ – Bangla Tigers
වනිදු හසරංග – Northern Warriors
චාමික කරුණාරත්න – The Samp Army
දසුන් ශානක – The Chennai Braves
භානුක රාජපක්ෂ – The Chennai Braves
මහීෂ් තීක්ෂණ – The Chennai Braves
දුෂ්මන්ත චමීර – Northern Warriors

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button