වසරක් තුල වැඩිම වරක් ලකුණු නොලබා දැවීගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට දනුශ්ක ගුණතිලක පත්වෙයි !
අසාර්ථකත්වය පමණක් ජාතික කණ්ඩායමේ රැඳීමට හේතුව කරගත් දනුශ්ක ගුණතිලකගේ දිගු අසාර්ථකත්වය විස්සයි විස්ස කණ්ඩායම තුල ඔහුගේ ස්ථානය වෙන්කිරීමට වගබලාගත්තේය.ඊයේ නැමීබියා කණ්ඩායමට එරෙහිව පළමු පන්දුවේදීම දනුශ්ක යලිත් ක්‍රීඩාගාරය වෙත හරවා එවීය.
මේ වසර තුලදී පමණක් අවස්ථා හතරකදී විස්සයි විස්ස තරඟ තුල ඔහු ලකුණු නොලබා දැවී ගොස් තිබේ.එක් කැලැන්ඩර් වසරක් තුලවැඩිම වරක් ලකුණු නොලබා දැවී ගිය ශ්‍රී ලංකා පිතිකරුවා බවට දනුශ්ක ඊයේ වාර්ථා පොත් අලුත් කලේය.
විස්සයි විස්ස කණ්ඩායමේ සිටින ජ්යේශ්ඨතම මුල් පෙල පිතිකරුවා වන දනුශ්ක ඊයේ තරඟයට කැඳවීම් ලැබුවේ අවසන් ලෝක කුසලාන තරඟාවලියේ පස්වැනි වැඩිම ලකුණු ලාභියා වූයේ අසලංක වෙනුවටය.මේ වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ 16 කදී ලකුණු 173 ක් රැස් කරන්නට සමත්ව තිබෙන්නේ ලකුණු 10.81 ක සාමාන්‍යක් රඳවා ගනිමිනි.
වසර 6 ක් පුරාවට ඉනිම් 45 කදී අර්ධ ශතක 3 ක් 16 ක සාමාන්‍යක් රඳවා ගන්නා දනුශ්ක ඉන් ඉනිම් 21 කදීම ලකුණු 10 සීමාව ඉක්මවා යන්නට අපොහොසත් වී තිබේ.ඉන් අවස්ථා 13 කදී පමණක් ලකුණු 20 ඉක්මවා රැස්කර තිබෙන දනුශ්ක ජාතික කණ්ඩායම තුල ඉඩ වෙන්කර ගැනීම අදටත් අභිරසකි.