Cricket NewsEXCLUSIVESchool Cricket

උණුසුම් වූ පාසල් ක්‍රිකට් පිටියෙන් ලකුණු 545ක දැවැන්ත ලකුණු පුවරුවක් වාර්තා වෙයි වෙයි.!

අන්තර් පාසල් වයස 15 න් පහළ III වන කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර බණ්ඩාරනායක විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 508 ක ජයක් අත්කර ගැනීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල අද සමත් වුනා.

මෙහිදී විශිෂ්ට පිතිහරඹයක යෙදුණු නායක එනුක ද අල්විස් ලකුණු110ක් සහ බිම්සර වීරසිංහ ලකූනු 102ක් බැගින් රස කරමින් ශතක වාර්තා කරමින් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 235 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වූනා.

එනුක ද අල්විස් පන්දු 54 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 110 ක් සහ බිම්සර වීරසිංහ පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 19 ක් සමගින් ලකුණු 102 ක් ගැනීමට සමත්වූහ.

ඒ අනුව ලකුණු 546ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බණ්ඩාරනායක විදුහලි කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 37ක් පමණයි.

පන්දු යැවීමේදී ධීෂ අත්තනායක සහ නදුප වෙදගේ විසින් කඩුලු 4 බැගින් බිඳ හෙලුවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

වත්තල ලයිසියම් – ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 545
(එනුක ද අල්විස් 110, බිම්සර වීරසිංහ 102, ඔමල්ක හපුආරච්චි 57, සදීෂ ගිම්හාන 55, නෙතුක බිනුක් 55, ගුවනි`දු
ආටිගල 53, කෙවින් පෙරේරා 36, තරීන් නේතක 32/2)

බණ්ඩාරනායක විදුහල – ඕවර 15.3 කදී සියලූදෙනා දැවී 37
(අධීෂ අත්තනායක 04/4, නදුප වෙදගේ 14/4)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7