Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයනුත් පැටලෙයි – ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් එලියට.!

2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තමන් ඇතුළු ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම දැඩි අසාධාරණයක් සිදු වූ බව හිටපු ඉන්දීය පා දඟපන්දු යවන ක්‍රීඩක Harbhajan Singh ප්‍රකශ කර තිබෙනවා.

මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කොට තිබුණේ එවකට කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ MS Dhoniගේ ක්‍රියාකලාපය සහ යම් තීන්දු තීරණ ද එවැනි ඉරණමක් තමන්ට අත්වීමට යම් බලපෑමක් එල්ල කරන්නට ඇති බවය.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සමග ඉන්දීය මාධ්‍ය මෙය ප්‍රමුඛ පුව්ටහක් ලෙස වාර්තා කොට තිබුනා.

එහිදී Harbhajan Singh පෙන්වා සිටියේ ක්‍රීඩකයින් තෝරාපත් කරගැනීමේ දී කණ්ඩායම් නායකයා සතු බලතල ක්‍රිකට් ආයතනයට වඩා සෑමවිටම ඉහළින් පැවතිය යුතු වුවත් BCCIය තුල එම මූලධර්මය පිළිපැදීම සිදු වූයේ ඉතාමත් කලාතුරකින් බවයි.

තවද Harbhajanට අනුව MS Dhoniගේ ක්‍රිකට් දිවිය මෙතරම් කාලසීමාවක් සාර්ථකව පවත්වා ගෙන ඒමට ඉන්දීය ක්‍රිකට් පරිපාලකයින් ලබා දුන් සහයෝගය තමන් ඇතුළු අනෙක් ජ්‍යෙෂ්ඨයින්ටත් හිමි වූයේ නම් මීට වඩා සේවයක් ඔවුන්ට තම මව්බිම වෙනුවෙන් ක්‍රීඩා පිටිය තුල දී සිදු කිරීමට ඕනෑ තරම් ඉඩප්‍රස්තාව නිර්මාණය වී තිබූ බවත් පවසා තිබෙනවා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු ඉහළ පුටුවල වරප්‍රසාද භුක්ති විඳිමින් කාලය ගත කරන පුද්ගලයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි නොසතුටකින් පසුවන නිසාවෙන් එවැනි ප්‍රකාශයන් සිදු කිරීමට හේතු වූ බවත් ප්‍රකාශ කර තිබුනා.

“මෙහෙමයි, මම කරපු ප්‍රකාශ ගැන ඕනෑම කෙනෙකුට තමන් කැමති ආකාරයේ අර්ථකතන දෙන්න පුළුවන්.මට අවශ්‍ය වුනේ 2012 වසරෙන් පසුවත් ඒ කියන්නේ ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවත් මීට වඩා හොඳින් දේවල් සිද්ධ වෙන්න අවස්ථාව තිබුණ බව කියන්නයි. Sehwag, Yuvaraj, Gambhir, අපි සියලු දෙනාම IPL තරගාවලියට සක්‍රීයව දායකත්වය ලබා දෙමින් සිටි කාලයක තමයි ජාත්‍යන්තර තරග බිමෙන් විශ්‍රාම ගත්තේ.”

“2011 ලෝක ශූර කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ට අයිත් එකම අවස්ථාවකදීවත් කණ්ඩායමක් විදියට ක්‍රීඩා කරන්න ඉඩක් නොලැබීම මට අදටත් ලොකු ප්‍රහේලිකාවක්.

2015 ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න එයලා තෝරාගත්තේ ඔවුන් හොඳයි කියලා අනුමාන කරපු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් පමණයි, මොකද්ද ඒකට හේතුව?”, යනුවෙන් News 18 නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී Harbhajan සඳහන් කර සිටියේ කලින් සිදු කළ ප්‍රකාශයන් පිළිබඳව නිරවුල් පැහැදිලි කිරීමක් ද සිදු කරමිනි.

“මට MS එක්ක කිසිදු පෞද්ගලික හැලහැප්පීමක් නැහැ. අදටත් අපි එදා වගේම හොඳ සමීප මිතුරන්. මම ඒ දවස්වල ඉඳලම මේ කාරණාව ගැන ඇඟිල්ල දික් කළේ 2011 කාලසීමාවේ දී පරිපාලන කටයුතු මෙහෙයවපු Sarkar ඇතුළු නිලධාරි කණ්ඩායමටයි.

Sarkar සහ ඔහුගේ කණ්ඩායම එයාලට පැවරුණු රාජකාරිය සාධාරණ විදියට ඉෂ්ට කළා ද කියන ප්‍රශ්නය තමයි මට අහන්න තියෙන්නේ. කණ්ඩායම එකමුතුව තියාගන්නවා වෙනුවෙට එයලා උත්සාහ කළේ මෙතන බෙදීමක් ඇති කරන්න.”

“හොඳින් දක්ෂතා අතර ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායමේ ස්ථාවරව ඉන්න වෙලාවක අළුත් ක්‍රීඩකයින්ට එකවරම ඒ අවස්ථාව ලබා දීම ගැන නම් මට නම් තියෙන්නේ තීරණවල විනිවිදභාවයේ ගැටලුවක්.

මම වරක් තේරිම් කමිටු නිලධාරීන්ගෙන් මේ ගැන ප්‍රශ්න කළාම එයාලගේ පිළිතුර වුනේ ඒක ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ක්‍රියාමාර්ගයක් ගන්න බැහැයි කියන එක විතරයි .

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button