Cricket NewsEXCLUSIVEInternational

බංගලාදේශය, නවසීලන්තය ඉදිරියේ ඉතිහාසයේ දැවැන්ත තරඟ පරාජයක් අභියසට.!

නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද දිනය අවසානයේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 126 කට සීමා කිරීමට ටෙ‍්‍රන්ට් බෝල්ට් ප‍්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වුනා.

ඒ අනුව නවසීලන්තය පළමු ඉනිමේදී ලකුණු 395 ක වාසියක් අත්කර ගැනීමට සමත් විය.

ලකුණු 27 කට මුල් කඩුලූ 5 බිඳවැටීමෙන් බංග්ලාදේශ කණ්ඩායම මහත් අසීරු තත්ත්වයකට පත් විය.

යසිර් අලී (55) සහ නුරුල් හසන් (41) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශ ඉනිමට නව ජයවයක් එක් කළහ.

කෙසේ වුවත් ඔවුන් දෙදෙනාගේ දැවීයෑමත් සමග අවසන් කඩුලූ කිහිපයද ඉක්මනින්ම බිඳ වැටිණ.

පන්දු 95 කට මුහුණදුන් යසිර් අලී හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 62 කදී වාර්තා වූ නුරුල් හසන්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 43 කට කඩුලූ 5 ක් දවාගත් ටෙ‍්‍රන්ට් බෝල්ට්, එහිදී සිය 300 වැනි ටෙස්ට් කඩුල්ලද ලබා ගත්තේය. ටිම් සවුති කඩුලූ 3 ක්ද, කයිල් ජැමීසන් කඩුලූ 2 ක්ද බිඳහෙළමින් බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කිරීම සඳහා බෝල්ට් අනගි සහායක් දුන්නේය.

පළමු දිනය වූ ඊයේ (9 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 349 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායම අද දිනයේදී (10 වැනිදා) සිය පළමු ඉනිමට තවත් ලකුණු 172 ක් එක් කරගත්තේ කඩුලූ 5 ක් අහිමිකර ගනිමිනි.

එහිදී සිය දෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගැනීමට නායක ටොම් ලේතම් (252) සමත් විය. පන්දු 373 කට මුහුණ දෙමින් ලේතම් ලබාගත් එම ද්විත්ව ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 34 කින් සමන්විත විය.

ඩෙවෝන් කොන්වේ (109) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 215 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලේතම්, ඉන් නොනැවතී ටොම් බ්ලන්ඩල් (57) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමග ශතකය ලබාගැනීමෙන් අනතුරුව කොන්වේ දැවී ගියේය. බ්ලන්ඩල් හතරේ පහර 8 ක් සමග සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නවසීලන්ත ඉනිම අත්හිටුවීමට නායක ලේතම් පියවර ගත්තේය.

නවසීලන්ත පළමු ඉනිම – 521/6

පන්දුවට පහර දීමේදී –

ටොම් ලේතම් 252,
විල් යං 54,
ඩෙවෝන් කොන්වේ 109,

පන්දු යැවීමේදී – ෂොරිෆුල් ඉස්ලාම් 79/2, ඉබාදත් හොසේන් 143/2

බංග්ලාදේශ පළමු ඉනිම – 126/10

පන්දුවට පහර දීමේදී –

යසිර් අලී 55,
නුරුල් හසන් 41,

පන්දු යැවීමේදී –

ටෙ‍්‍රන්ට් බෝල්ට් 43/5,
ටිම් සවුති 28/3,
කයිල් ජෙමීසන් 32/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button