Cricket NewsEXCLUSIVET10 League

වනිඳු හසරංග, භානුක රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසක් ක්‍රිඩා කරන ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලිය Abu Dhabi T10 පැවැත්වෙන දින නියම වෙයි.!

ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන Abu Dhabi T10 තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය ආරම්භ වන දිනය ඇතුළු විස්තර ඇතුලත් විශේෂ අනිවේදනයක් නිකුත් කිරීමට තරඟ සන්විදයකයන් කටයුතු කර තිබෙනවා.

2017 වසරේ ප්‍රථම වරට පැවැත්වුණු මෙම තරඟාවලියේ එක් තරඟයක් විනාඩි 90කට සිමා වීම හේතුවෙන් ඉතා ඉක්මනින් ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් ලඟා කර ගැනීමට සමත් වූ අතර මෙවර තරඟාවලිය පැවැත්වෙන්නේ 6වන වරටයි.

පසුගිය වසරේ පැවති තරඟාවලියේ 5වන අදියරේ ශුරතාවය හිමිකර ගැනීමට වනිඳු හසරංග ක්‍රීඩා කල Deccan Gladiators කණ්ඩායම සමත් වූ අතර එම තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට ද වනිඳු හසරංග සමත් වුනා.

අද දිනයේ තරඟ සංවිදයකයන් නිකුත් කල විශේෂ නිවේදනයට අනුව මෙවර තරඟාවලිය නොවැම්බර් මස 23 වන දා සිට දෙසැම්බර් මස 4 වන දා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවරත් කණ්ඩායම් 5ක් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන අතර ඇතැම් විට මෙහි කණ්ඩායම් නාමයන් වෙනස් වීමක් සිදු විය හැකි බව ඔවුන් ප්‍රකශ කර තිබෙනවා.

එමෙන්ම 2021 වසරේ පැවති Abu Dhabi T10 තරඟාවලියේ සමස්ත අදායම ඩොලර් මිලියන 621.2 දක්වා ඉහළ අගයක් ගත් අතර, පසුගිය වාරයේ තරඟය රූපවාහිනිය සහ ඩිජිටල් නරඹන්නන් ඇතුළු සමස්ත ප්‍රේක්ෂක ධාරිතාවය මිලියන 342 දක්වා ළඟා වූ අතර, අනෙක් අතට අබුඩාබි T10 හි අනුග්‍රාහකත්වය ඩොලර් මිලියන 279.3 දක්වා 81% කින් වැඩි විය.

ඒ අනුව ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලිය වන Abu Dhabi T10 2022 තරඟාවලිය අති උත්කර්ෂවත් අයුරින් එළඹෙන නොවැම්බර් 23 වන දා සිට දෙසැම්බර් 4 වන දා දක්වා පැවැත්වීමට නියමිතය.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7