Cricket NewsEXCLUSIVEMatch Review

Jonny Bairstowගේ සහ Ben Stokesගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් නවසීලන්තය පරාජය කරමින් 2-0ක් ලෙස එංගලන්තය තරඟාවලිය ජය ගනී .!

එක්දින රටාවෙන් ක්‍රීඩා කළ ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 136ක් සහ නායක බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 75ක් රැස් කරමින්, නොටිංහැම් ටෙස්ට් තරගයේදී කඩුලු 5 ක විශිෂ්ට ජයක් කරා එංගලන්ත කණ්ඩායම කැඳවාගෙන යාමට සමත් වුනා.

ජයග්‍රහණය සඳහා ලකුණු 299 ක ඉලක්කයක් කරා ගිය එංගලන්තය, පන්දුවාර 50 කදී මෙම ඉලක්කය පසුකර ගියේ පන්දුවාරදී ලකුණු 6.00 කට ආසන්න වේගයක් පවත්වා ගනිමිනි.

නවසීලන්තය සිය දෙවැනි ඉනිමේදී ලකුණු 284 කට දැවී ගිය අතර මුල් ඉනිමේ වාසියත් සමගින් සම්පූර්ණ වාසිය ලකුණු 298 ක් විය. තරගය ජයගැනීමට අවසන් දිනයේදී එංගලන්තයට ලකුණු 299 ක ඉලක්කයක් ලැබිණ.

තරගයේ අවසන් දිනය වූ ඊයේ(14) තේ පානය වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 139 ක් ලබා සිටි එංගලන්තයට අවසන් හෝරා දෙක ඇතුළතදී ලකුණු 160 ක් අවශ්‍ය වී තිබිණ. එහෙත් එම කාලය ඇතුළත කඩුලු 6 ක් දවාගත හැකි නම් තරගය ජයග්‍රහණය කරමින් තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමේ අවස්ථාවද නවසීලන්ත පිලට තිබිණ.

සියල්ල තනි මිටට ගත් ජොනී බෙයාර්ස්ටෝගේ ප්‍රචණ්ඩ පිතිහරඹය හේතුවෙන් එංගලන්ත පිලට පන්දු 92 කින් ලකුණු 136 ක් එක්විය. යන්තම් පැය දෙකහමාරක් දිගු වූ බෙයාර්ස්ටෝගේ පන්දු 92 ඉනිමට හතරේ පහර 14 ක් සහ හයේ පහර 7 ක් ඇතුළත් විය.

එංගලන්තය වෙනුවෙන් අවශ්‍යම මොහොතේදී ඉදිරිපත්වන නායක බෙන් ස්ටෝක්ස්, සමග එක්වූ බෙයාර්ස්ටෝ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 179 ක් එකතු කළේ තරගය නවසීලන්තයෙන් ඉවතට ඇදගෙන යමිනි.

ඒ අනුව තරඟ 3කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ තවත් තරඟයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් වුනා.

නවසීලන්ත පළමු ඉනිම – 553/10
එංගලන්ත පළමු ඉනිම – 539/10
නවසීලන්ත දෙවැනි ඉනිම – 284/10
එංගලන්ත දෙවැනි ඉනිම – 299/5

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7