Cricket KnowledgeEXCLUSIVEInternational

කුසල් මෙන්ඩිස්ගෙ නැවත පැමිණීම අසාර්ථකයි ? – සිම්බාබ්වෙ තරගාවලියේ ලබාගෙන ඇත්තෙ ලකුණු 69 ක් පමණයි

කුසල් හිම්හාන මෙන්ඩිස් අවුරුද්දක තරග තහනමක් ලබා සිටියදි , නැවත වරක් ජාත්‍යන්තර පිටියට පා තැබීමට වරම් ලැබුනේ
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලකුණු අතරට පැමිණීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඔහුට ලබා දුන් සමාවත් නිසාය.

නමුත් ඔහුගෙ නැවත පැමිණීම වෙනුවෙන් ඔහුට සාධාරණයක් ඉටු කිරීමට ඔහුට නොහැකි වූයේ තරගාවලිය පුරාවට ඔහු ලබා ගත්තෙ ලකුණු 69ක් පමණක් වීම නිසාය.

ශ්‍රි ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් ඔහුට උසස්වීමක් ලබා දෙමින් ආරම්භක පිතිකරු තණතුරෙහි වගකීම ලබා දුන්නද යම් කිසි ප්‍රගතිශීලි පිතිකරණයක් පෙන්නුම් කලේ පලමු තරගයේ පමනක් වීමද විශේෂත්වයකි. එහිදි ඔහු අගනා ලකුණු 36ක් ලබා ගත් අතර ඔහු ඉතා අලංකාර පිතිකරණයක නිරත උනී.

පලමු තරගයේ ලකුණු 36ක් , දෙවෙනි තරගයේ ලකුණු 07 ක් හා තෙවැනි තරගයේ ලකුණු 26 ක් සමගින් තරගාවලිය තුල ඔහුගෙ සාමාන්‍ය ලකුණු 23 ක් ලෙස ඔහු ලබාගෙන ඇත.

මීලගට ඇති ඕස්ට්‍රේලියා සංචාරයේදි ඔහුගෙ සුපුරුදු පිතිකරණ විලාසයට එනු ඇතැයි ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රේක්ශකයන් අස්වැසිල්ලකින් තොරව බලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7