Cricket NewsEXCLUSIVEMatch Review

විස්සයි-20 තරඟ ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාව පරාජය කළ ඇෆ්ගනිස්ථානය කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කරයි.!

ආසියානු ප්‍රභලයන් තරඟ වදින ආසියානු කුසලාන තරඟාවලිය අද ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද පැවති තරඟයෙනි. එම තරඟයෙන් කඩුලු 8ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරමින් විස්සයි-20 තරඟයකින් ප්‍රථම වරට ශ්‍රී ලංකාව පරාජය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 105ක් පමණයි.

ශ්‍රීලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ භානුක රාජපක්ෂ පන්දු 29කදී ලකුණු 38ක් වාර්තා කිරීමට සමත් වුනා. චාමික කරුණාරත්න ලකුණු 31ක් රැස් කළා.

පන්දු යැවීමේදී Fazalhaq Farooqi කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 106ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් පන්දුවාර 10.1ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 106ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ඇෆ්ගනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rahmanullah Gurbaz පන්දු 18ක් තුල වෙගවත් ලකුණු 40ක් රැස් කල අතර Hazratullah Zazai ලකුණු 37ක් රැස් කළා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7