Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු බිග් බෑශ් තරඟාවලිය වෙනුවෙන් Sydney Thunder කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතවෙයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඕස්ට්‍රේලියාවේ කාන්තා Big Bash ලීගයේ (WBBL) Sydney Thunder කණ්ඩායම සමඟ එක් වී තිබෙනවා.

මීට පෙර WBBL තරගාවලිවල දී ඇය Pearth Scorchers සහ Melbourne Renegades කණ්ඩායම් නියෝජනය කළ නමුත් මීට මසකට පමණ පෙර පැවති ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අවස්ථාවේ දී මෙවර තරගාවලියට කිසිඳු කණ්ඩායමක් මගින් ඇයව තෝරා ගත්තේ නැහැ.

නමුත් Sydney Thunder විසින් සිය තීරණය වෙනස් කරමින් චමරි හට නැවතත් WBBL සඳහා එක් වීමට අවස්ථාවක් නිර්මාණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7