Cricket NewsEXCLUSIVE

කණ්ඩායමට අතිරේක පීඩනයක් වෙමින් කුසල් මෙන්ඩිස් සුපුරුදු පරිදි අදත් කල්තියා ක්‍රීඩාගාරයට ! දිගින් දිගටම අසාර්ථක මෙන්ඩිස් යලිත් සුපුරුදු රිද්මයේ !

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසාලන තරඟාවලිය අරඹමින් අද බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැලේ හිදී තරඟ බිමට පිවිසියේය.ජ්‍යේෂ්ඨ පන්දු යවන්නන්ගේ සහය අහිමි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බර කරටගත් මතීශ පතිරණ හා මහීෂ් තීක්ෂණගේ පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශය ලකුණු 164 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹායන්නට තිබියදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 15 ක් වද්දී ක්‍රීඩාගාරයට හරවා යවන්නට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් විය.

කණ්ඩායමට අත්‍යාවශ්‍යම මොහොතේදී කුසල් මෙන්ඩිස්ගේ දුර්වල පිතිකරණය යලිත් පෙන්නුම් කරමින් ලකුණු 5 කට දැවී ගියේ මුල් පෙල පිතිකරුවෙකු සතු විය යුතු පීඩනය මැනගැනීමේ හැකියාව දශමයකින් හෝ තමා සතුව නොමැති බව මනාවට පෙන්වා දෙමින්.

තරඟ ගණන අතින් ගත්කල කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨතම පිතිකරුවාගේ මෙම රිද්මය කණ්ඩායමට තවත් අතිරේක පීඩනයක් එක් කරතිබෙන බව නම් නොරහසකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7