Cricket NewsEXCLUSIVEInternational

වසර තුනකට පසුව එංගලන්ත සුපිරි පිතිකරු ඇලෙක්ස් හේල්ස් නැවතත් එංගලන්ත සංචිතයට කැඳවයි.!

2019 ලෝක කුසලාන සමයේ ඇතිවූ විනය ගැටලුවක් හේතුවෙන් එංගලන්ත සුපිරි පිතිකරු ඇල්ක්ස් හේල්ස් හට ජාතික කණ්ඩායමෙන් ඉවත්වන්නට සිදුවිය. ඉන් වසර තුනකට පසුව යලිත් ප්‍රහාරත්මක දකුණත් පිතිකරුවාට එංගලන්ත ජාතික කණ්ඩායම සඳහා කැඳවීම් ලැබෙන්නේ ජොනී බෙයාස්ටෝ හා ජේසන් රෝයි එළඹෙන පකිස්තානු තරඟාවලියට හා ලෝක කුසලාන තරඟාවලිය සහභාගී නොවීම හේතුවෙන් .

හේල්ස් හට ආරම්භක පිතිකරුවෙකුගේ භූමිකාවේ සිට නොම්බර 5 දක්වා පිතිකරණ ස්ථාන වල හොඳින් පිතිකරණයේ යෙදීමට ඇති හැකියාව එංගලන්ත සංචිතයේ සමබරතාවය වැඩි කල හැකි කරුණක් වනවා. විශේෂයෙන්ම එංගලන්ත කලමණාකාරීත්වය දෙසින් බලන කල ඇලෙක්ස් හේල්ස්ගේ ආගමනය රොබ් කී දෙසට එල්ල වූ විශාල පීඩනයට විසඳුමක් වීමට පුළුවනි. ඒ එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ සිටින නිත්‍ය ආරම්භක පිතිකරුවා වන ජේසන් රෝයි මේ වසරේදී දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් ඔහුගේ සථානය පිලිබඳව තිබූ ඝට්ටනයයි.

කෙසේ නමුත් හේල්ස් හට මීට පෙර කැඳවීම් ලැබෙනු ඇති බව එක්සත් රාජධානි මාධ්‍ය වාර්ථා කර තිබුනේ මීට පෙරදීය ඒ සිල්වර්වුඩ්ගේ ඉවත් වීමෙන් පසු රොබ් කීගේ ආගමනයත් සමඟින් හේල්ස් හට යලිත් එංගලන්ත කණ්ඩායමේ දොරටු විවර වනු ඇති බවට මත පලකරමින් .

වසරක් තුල වැඩිම විස්සයි විස්ස ලකුණු රැස් කල පිතිකරුවා බවට ඇලෙක්ස් හේල්ස් පත් වූයේ මේ වසරේදී තරඟ 39 කදී ලකුණු 1271 ක් රැස් කිරීමට සමත් වූයේ ලකුණු 34 ක සාමාන්‍යක් රඳවා ගනිමින් ඒ අතරට අර්ධ ශතක 10 ක් ද ඇතුලත්

හේල්ස්ගේ රිද්මය මනාව ඇති කාල සමයක එංගලන්ත ලෝක කුසලාන සංචිතයේ ඔහුට ඉඩ වෙන්වීම ධනාත්මක සාධකයක් වන්නට පුලුවන් ජොස් බට්ලර් සමඟින් ඉනිම ආරම්භ කිරීමට හෝ නොම්බර හතර වැනිස්ථානයකද ඔහුට පන්දුවට පහර දීමට ඇති හැකියාව ඊට ප්‍රධානතම හේතුවයි. ඩේවිඩ් මලාන්ද මේ දිනවල හොඳ පිතිකරණ රිද්මයක සිටීම එංගලන්තයට වැඩි වාසිදායක තත්වයක් නිර්මාණය කරනු ඇත.විශේෂයෙන්ම හේල්ස් ඔස්ට්‍රේලියානු තණතීරු තුලද හොඳින් අත්දැකීම් ඇති පිතිකරුවෙකි. ඔහු අවසන් වසර කිහිපයේදී බිග් බෑශ් තරඟාවලි කිහිපයේදී හොඳින් ලකුණු අතරට පිවිසීම ඊට හේතුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7