Cricket NewsEXCLUSIVE

“මම කැමති පකිස්ථාන ටීම් එකට කියන්න, නවක ක්‍රීඩයන්ගෙන් පිරිලා තිබුනත් හොඳින් මතක තියාගන්න මේ පරණ තිබුණ ලංකාවේ ටීම් එකේම පුනරාගමනයක් බව” – වසිම් අක්‍රම්

ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකම මේ වන විටත් තහවුරු වී අවසන්. ඒ ශ්‍රී ලංකාව සහ පකිස්ථානයයි. විශේෂත්වය වන්නේ පළමු වටයේදී සහබාගි වූ තරඟය මෙම කණ්ඩායම් දෙකම පරාජයට පත් වීමයි.

කෙසේ නමුත් ඉන් අනතුරුව මෙම කණ්ඩායම් දෙකම තවමත් අපරාජිතව සිටින අතර ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අවසන් මහා තරඟයේ සිය ස්ථාන තහවුරැ කර ගනු ලැබුවා. මෙවර ආසියානු කුසලානයේ තවමත් ශ්‍රී ලංකාව පකිස්ථානය සමග තරඟ කර නොමැති අතර පළමු තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.

එම තරඟයෙන් අනතුරුව එළඹෙන 11 වන දා ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතයි.

මෙවර පකිස්ථානය වෙනුවෙන් විස්තර විචාරයට එක් ව සිටින පකිස්ථාන හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වසිම් අක්‍රම් මේ සම්භන්දයෙන් අදහස් දක්වමින් පවසා තිබෙන්නේ මේ පැරණි ශ්‍රී ලංකා කණ්ඩායමේ නැවත පුනරාගමනයක් බවයි

“මම විශ්වාස කරනවා 11 වනදා ශ්‍රී ලංකා ටීම් එක ෆයිනල් මැච් එක පකිස්ථානය සමග ක්‍රීඩා කරයි කියලා, මම කැමති පකිස්ථාන ටීම් එකට කියන්න ලංකා ටීම් එක නවක ක්‍රීඩයන්ගෙන් පිරිලා තිබුනත් මතක තියාගන්න මේ පරණ තිබුණ ලංකාවේ ටීම් එකේම පුනරාගමනයක් බව”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button