Cricket NewsEXCLUSIVE

“පාවාදීම් පවා වෙච්චි කන්ඩායමක් එකතු කරලා හැදුවේ දසුන්.” ලෝක කුසලානයේදී නායකත්වයේ වෙනසක් සිදු නොවන බව කියමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියයි !

වත්මන් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී තීරණාත්මක තරඟාවලි කිහිපයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එක්දින ලෝක කුසලානය වෙනුවෙන් පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශූරයින් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ නමුත් කණ්ඩායම් නායක දසුන්ගේ දස්කම් තිබුනේ ඉතා පහල මට්ටමකයි.

කෙසේ නමුත් වත්මන් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නායක දසුන් ගැන අදහස් දක්වමින් කියා සිටියේ

“මැච් බලන එක අතහැරපු මිනිස්සු පවා නැවත මැච් බලන්න ගත්තේ දසුන් නායකයා වුනාට පස්සේ.. පාවාදීම් පවා වෙච්චි කන්ඩායමක් එකතු කරලා හැදුවේ දසුන්.ලෝක කුසලානයට තව මාස කිහිපයයි තියෙන්නේ. එහෙම තියාගෙන නායකත්වය වෙනස් කරනවද කියන එක ප්‍රශ්නාර්ථයක්.”

එමෙන්ම දසුන් ක්‍රීඩකයෙකු ලෙසින් දස්කම් අතරට නොපැමිණෙන නමුත් එය ප්‍රශ්නයක් නොවන බවද එහිදී ඔහු සඳහන් කලේය.

“දසුන් මේ වෙලාවේ ක්‍රීඩකයෙක් විදිහට පර්ෆොම් නොකරට ටීම් එක දිනවනවා. අන්න ඒකයි වැදගත්. ඉතිං ලෝක කුසලානයෙන් පස්සේ ඊලග ලෝක කුසලානයට තව අවුරුදු හතරක් තියෙයි. අන්න එතකොට පුළුවන් අපිට අලුත් නායකයෙක් හදන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7