Cricket NewsEXCLUSIVEILT20

වනිඳු හසරංගගේ විශිෂ්ට තුන් ඉරියව් උත්සාහය අපතේ යවමින් Gulf Giants කණ්ඩායම පළමු වරට පැවැත්වුණු ILT20 ශුරතාවය ජයග්‍රහණය කරයි.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ උත්කර්ෂවත් අවසන් මහා තරඟය ලෙස Gulf Giants කණ්ඩායම සහ Desert Vipers කණ්ඩායම අතර පැවති තරඟයෙන් විශිෂ්ට ජයග්‍රහනයක් වාර්තා කරමින් ශූරතාවයට හිමිකම් කීමට # කණ්ඩායම සමත් වුවා.

තරඟාවලියේ ක්‍රීඩා කල සෑම තරඟයකම සිය උපරිමය Desert Vipers කණ්ඩායම වත ලබා දුන් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග මෙම තීරණාත්මක තරඟයේදීත් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද සුපිරි දස්කම් දැක්වීමට සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gulf Giants කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා Desert Vipers කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Desert Vipers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 146ක් වාර්තා කිරීමට සමත් වුණා. Desert Vipers ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ වනිඳු හසරංග බිඳවැටුණු Vipers ඉණිමට ජීවයක් ගෙන දෙමින් පන්දු 27ක් තුල වේගවත් ලකුණු 55ක් රැස් කිරීමට සමත් වුණා. වනිඳුගේ මෙම විශිෂ්ට ඉණිමට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.

ඔහුට අමතරව S Billings ලකුණු 31 ක් රැස් කල අතර Tom Curran ලකුණු 13ක් රැස් කළා.

අනතුරුව ලකුණු 147ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි Gulf Giants පිතිකරුවන් පන්දුවාර # අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කර ගියා.

Gulf Giants වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කල Chris Lynn පන්දු 50ක් තුල වේගවත් ලකුණු 72ක් නොදැවී රැස් කල අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 9ක් ඇතුළත් වුනා. Shimron Hetmyer අවසන් මොහොතේ පැමිණ කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යමින් පන්දු 13ක් තුල වේගවත් ලකුණු 25ක් රැස් කළා.

පන්දු යැවීමේදිත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සිය පන්දුවාර 4 නිමා කලේ ලකුණු 28ක් තුල එක් කඩුල්ලක් ලබා ගනිමිනි.

ඒ අනුව පළමු වරට පැවැත්වුන ILT20 තරඟාවලියේ ශුරතාවය ජයග්‍රහණය කිරීමට Gulf Giants කණ්ඩායම සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button