Cricket NewsEXCLUSIVEIPLMatch Review

මහිෂ් තීක්ෂණගේ CSKට කඩුලු 5ක පරාජයක් උරුම කරමින් Mumbai Indians මෙවර තරඟාවලියේ සිය තෙවන ජයග්‍රහණය වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 59වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට Mumbai Indians කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Mumbai Indians නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 97ක් පමණි.

Chennai Super Kings ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ MS Dhoni ලකුණු 36ක් රැස් කල අතර Dwayne Bravo ලකුණු 12ක් රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Daniel Sams කඩුලු 3ක් බිඳ හෙලු අතර Riley Meredith සහ Kumar Kartikeya කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 98ක පහසු ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන් පන්දුවාර 14.5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 103ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Mumbai Indians ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Tilak Varma ලකුණු 34ක් රැස් කල අතර Rohit Sharma ලකුණු 18ක් රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Mukesh Choudhary කඩුලු 3ක් බිඳ හෙලු අතර Simarjeet Singh සහ Moeen Ali එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

කෙසේ නමුත් මෙම තරඟයේ තීරණය ප්‍රසාද ලකුණු සටහනට බලපෑමක් එල්ල කලේ නැහැ.තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7