Cricket NewsEXCLUSIVET10 League

දසුන්ගේ සංඥාව නොදුටු විනිසුරුගේ හිස සොයා වේගයෙන් පැමිණි පන්දුව – ඇන්ජලෝ පෙරේරාගෙන් විනිසුරුට “හෙඩ් මසාජ්” එකක්.!

ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

එම තරගාවලියේදී දසුන් ශානක විසින් නායකත්වය දරනු ලබන Chennai Braves කණ්ඩායම සහ Northern Warriors කණ්ඩායම අතර පැවති තරඟයේදී විනිසුරුවරයෙකුට සිදුවූ ඇබැද්දියක් මේ වනවිට ක්‍රිකට් ලෝකයේ බොහෝදෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙන කාරණයක් බවට පත්ව තිබෙනවා.

ඊයේ පැවති Northern Warriors හා Chennai Braves අතර තරඟයේ විනිසුරු ලෙස ක්‍රියා කල අලීම් ඩාර් මෙම ඇබැද්දියට මුහුණදනු ලැබීය.

පන්දු රකින්නෙකු විසින් යොමුකළ පන්දුවක් ඔහුගේ හිසේ වැදීමෙන් අනතුරට ලක්වන හැටි කැමරාවේ සටහන්ව තිබු අතර එම අවස්ථාවේ ඔහුට පසුපස පන්දුරකිමින් සිටි ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පන්දුව පැමිණෙන බවට සංඥා කළද ඉන් බේරීමට විනිසුරුවරයාට නොහැකි වූ ආකාරයද කැමරා දර්ශන වල ඇතුලත් වුනා.

පන්දුව විනිසුරුවරයාගේ හිසේ වැදුනු පසුව විනිසුරු අසලට පැමිණෙන ඇන්ජලෝ පෙරේරා විසින් විනිසුරුවරයාගේ හිසට සම්භාහනයක් ලබා දීමද කැපී පෙණුනා.

එම සිදුවීමේ වීඩියො දර්ශන නැරඹීම සඳහා Click කරන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button