Cricket NewsEXCLUSIVELPL

ප්‍රහාරාත්මක පිතිකරු ඩිල්ශාන් මුණවීර, දසුන්ගේ Dambulla Giants කණ්ඩායම හා එක්වෙයි.!

ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන ඩිල්ශාන් මුණවීරව මෙවර දෙවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Dambulla Giants කණ්ඩායම විසින් මිලදීගෙන තිබෙනවා.

කෙසේ නමුත් මීට පෙර ඩිල්ශාන් මුණවීරව Colombo Stars කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගෙන තිබුණත් අනතුරුව Dambulla Giants හා එක්වූ බව Dambulla Giants කණ්ඩායම සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් මගින් සටහනක් තබමින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රහාරාත්මක පිතිකරුවෙකුලෙස නම් දරා සිටින ඩිල්ශාන් මුණවීර මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දසුන් ශානක විසින් නායකත්වය දරන Dambulla Giants කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස පිතිකරණයේ යෙදෙනු ඇත.

ඒ සම්බන්ධව Dambulla Giants කණ්ඩායම සිය සමාජ මාධ්‍ය මේ සටහන් කර තිබූ සටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button