Cricket NewsEXCLUSIVE

“මගේ ඉලක්කය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු දස දහසක් රැස් කිරීමයි” – ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න

ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියට අදාළව පැවැත්වෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තතරඟය ලකුණු 187කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ සමත් වුනා.

තරඟයෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කර සිටියේ ටෙස්ට් ලකුණු දස දහසක් රැස් කරගැනීම තමාගේ ඉලක්කයක් බවත්, ඒ සඳහා ටෙස්ට් තරග 100කට හෝ සහභාගි වීමට අපේක්ෂා කරන බවත් ය.

ශ්‍රී ලංකා නායකයා මේ බව ප්‍රකාශ කළේ, බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

දිමුත් කරුණාරත්න තරඟය පුරාවට දස්කම් දැක්වීමට සමත් වුයේ පළමු ඉනිමේ ලකුණු 147ක් සහ දෙවන ඉනිමේ ලකුණු 83ක් රැස් කරමිනි.

ක්‍රිකට් වාර්තාවන්ට අනුව මෙතෙක් ටෙස්ට් ලකුණු 10,000 ඉක්මවා රැස් කරගෙන ඇති ශ්‍රී ලංකා පිතිකරුවන් වන්නේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පමණයි.දැනට දිමුත් කරුණාරත්න රැස් කරගෙන ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 5,406 ක්.

ඔහු මේ වසර තුළ දී ටෙස්ට් ලකුණු 854 ක් රැස් කළේ ලකුණු 77.63ක සාමාන්‍යයක් රඳවාගනිමින්.

ඊයේ තරඟයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7