Cricket NewsEXCLUSIVE

දසුන්, භානුක, වනිඳු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට ආශිර්වාද ලබා ගැනීම සඳහා ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත් වල නිරත වෙයි.!

මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සති කිහිපයක් පමණයි. මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරයන් ලෙස ජයග්‍රාහි මානසිකත්වයෙන් ප්‍රවිෂ්ට වනවා.

කෙසේ නමුත් විස්සයි-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට මෙවරද සිදුව තිබෙන අතර එය වාසියක් බවට පෙරළා ගනිමින් සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයෙන් තරඟාවලිය අරඹා ලෝක කුසලානය ජයග්රහණය කළ ක්‍රිකට් ඉතිහාසයේ එකම කණ්ඩායම බවට පත්වීමේ අධිෂ්ඨානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ බිමට පිවිසෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට මහනුවර දී ඔස්ට්‍රේලියානු තණතීරු වලට ඉතා සමාන තණතීරුවල සිය පුහුණුවීම් ආරම්භ කර ඇති අතර නායක දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවට පිවිස ආශිර්වාද ලබාගනු ලැබුවා.

දසුන් ශානක, භානුක රාජපක්ෂ, වනිදු හසරංග, චාමික කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ම එම අවස්ථාවට එක්ව සිටි අතර ප්‍රධාන පෙළේ තරගාවලියක් සඳහා සහබාගී ග වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස ශ්‍රී දළදා මාලිගාවේ ආශිර්වාදය ලබාගැනීම සිදුකරනු ලබනවා.

එම අවස්ථාවේ පැමිණි සිටි පිරිස් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන් කතා බස් කල ආකාරය දැක්වෙන වීඩියෝවක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7