Cricket NewsEXCLUSIVEWoman Cricket

චමරි අතපත්තු තමන්ට ලැබුනු “තරඟයේ වීරයා සම්මානය” මංගල තරඟයේදීම විශිෂ්ට දස්කම් දැක්වූ සචිනි නිසංසලාට පිරිණමයි.!

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟය අද ස්කොට්ලන්ත කණ්ඩායම සමඟින් පැවැත්වුණු අතර මලයාසියාවේ කින්‍රාරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති එම තරඟයෙන් ලකුණු 109 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුනා.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ වේගවත් විශිෂ්ඨ ඉනිම නිසාවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විසින් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටිය තුල වාර්ථා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව අද වාර්ථා කල අතර ඒ නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 182 ක් රැස් කරමිනි.

පන්දු 45 ක් පමණක් වැය කරමින් ලකුණු 86 ක් රැස් කරන්නට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් විය.

6 පහර 2 කින් හා 4 පහර 13 කින් එම ඉනිම වර්ණවත් වූ අතර තරඟයේ වීරයා ලෙසින් සම්මානය දිනාගන්නට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වූ අතර පසුව ඇය විසින් එම සම්මානය සචිනි නිසංසලාට පිරිණැමීය.

ඒ සිය මංගල තරඟය ක්‍රීඩා කල සචිනි නිසංසලාගේ විශිෂ්ඨ පන්දු යැවීම අගය කරමිනි.

ඇය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සා‍ර්ථකම පන්දු යවන්නිය වූ අතර ලකුණු 10 ට කඩුලු 2 ක් බිඳ හෙලීය.

ශ්‍රී ලංකා නායකා චමරි අතපත්තු තමන්ට ලැබුණු තරඟයේ වීරයා සම්මානය මංගල තරඟයේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ නවක ක්‍රීඩිකා සචිනි නිසංසලාට පිරිනැමූ ආකාරය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7