Cricket NewsEXCLUSIVE

“මම හිතන්නෙ එය Hat-Trick පන්දුවක් කියලා දසුන් දැනගෙන හිටියෙ නෑ” – “නෑ මම හිතන්නෙ දසුන් එය ගණන් ගත්තෙ නෑ” – දසුන් ශානක එල්ල කළ හතරේ පහරකට පසු ඉන්දිය විචාරකයාට සංගා දුන් පිළිතුර.!

ඊයෙ පැවති දෙවන තරඟයෙන් ප්‍රභල ඉන්දීය කණ්ඩායම ලකුණු 16කින් පරාජය කරමින් තරඟ තුනකින් සමන්විත විස්සයි-20 තරඟාවලිය 1-1ක් ලෙස සම තත්වයට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් සහ පන්දුවෙන් යන ද්විත්වයෙන්ම දස්කම් දැක්වූ නායක දසුන් ශානක තරඟයේ වීරයා සම්මානයට පාත්‍ර වුනා.

මේ අතර Umran Malik යොමු කල ශ්‍රී ලංකා ඉණිමේ 15 වන පන්දුවාරයේදි 5 වන සහ 6වන පන්දු වලින් පිළිවෙලින් චරිත් අසලංකව සහ වනිඳු හසරංගව දවා ගැනීමට Umran සමත් වුනා.

අනතුරුව නැවතත් 17 වන පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට Umran Malik පැමිණියේ තෙවන කඩුල්ලද ලබා ගනිමින් සිය Hat-trick එක ලබා ගැනීමේ අරමුණිනි.

කෙසේ නමුත් 151 kph වේගයකනින් යොමු කල එම පන්දුව පිළිගත් දසුන් ශානක වේගවත් හතරේ පහරක් එල්ල කිරීමට සමත් වුනා.

ඒ අවස්ථාවේ විස්තර විචාරයේ යෙදී සිටි මුරලි කාර්තික් පවසා සිටියේ, “මම හිතන්නේ නැ එය හැට්‍රික් පන්දුවක් බව දසුන් ශානක දැන සිටියා කියලා…”

එයට පිලිතුරු වශයෙව් කුමාර් සංගක්කාර ” මම හිතන්නේ ඔහු එය ගණන් ගත්තේ නැ…” යනුවෙන් පවසා සිටියා.

එම Video සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7