Cricket NewsEXCLUSIVEInternational

“ආසියානු කුසලානය පකිස්තානයෙ බැරි නම් ශ්‍රී ලංකාවේ පවත්වන්න ඕනේ මොකද මට ඉන්දියාවයි පකිස්තානෙයි අතර අවසන් මහා තරඟයක් බලන්න ඕනේ”-ශොයිබ් අක්තාර්

ක්‍රිකට් වංශකතාව තුල හමුවන දීර්ඝ කාලීන එදිරිවාදීන් වන ඉන්දියානු කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම් අතර සීතල යුද්ධයක් නිර්මාණය කලේ දෙරට තුල පවතින දේශපාලන වාතාවරණයයි.එමෙන්ම හිටපු ක්‍රීඩකයින් මෙන්ම ක්‍රිකට් කමිටු ප්‍රධානීන් මෙකී සීතල යුද්ධය තවත් තීව්‍ර කලේ විටින් විට වාග් ප්‍රහාර එල්ල කරමිනි.

හිටපු පකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක ශොයිබ් අක්තාර් ANI පුවත් සේවය අමතමින් කියා සිටියේ 2023 වසරේ ආසියානු කුසලාන තරඟාවලිය පාකිස්තානයේදී නොපවත්වන්නේ නම් එය ශ්‍රී ලංකාවේ පැවැත්විය යුතු බවය.

නොඑසේ නම් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවශ්‍ය බව පාකිස්තානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් ප්‍රකාශ කළේය.දැනට කටාර්හි ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් මාස්ටර්ස් තරගාවලියට ක්‍රීඩා කරන ඔහුට අවශ්‍යව ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය ආසියානු කුසලානයේ සහ ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු දැකීම බවයි ඔහු කියා සිටියේ.

2023 ආසියානු කුසලානයට අමතරව 2025 ශූරයින්ගේ කුසලානයේද සත්කාරකත්වය හිමිව තිබෙන්නේ පකිස්ථානයටයි.කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායමට සෘජු ප්‍රතිපත්තියක සිටීම හේතුවෙන් ආසියානු කුසලානය වෙනත් රටක පැවැත්වීමටයි අවධානය යොමු වෙමින් තිබෙන්නේ.

ANI පුවත් සේවය වෙත අදහස් දක්වමින් අක්තාර් කියා සිටියේ “මට අවශ්‍ය 2023 ආසියානු කුසලානය පකිස්ථානයේ පවත්වන්නේ නැත්නම් ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි මොකද මට ඕනේ ඉන්දියාව සහ පකිස්තානය ආසියානු කුසලානයේ සහ ලෝක කුසලානයේ අවසන් මහා තරඟය ක්‍රීඩා කරනවා දකින්න. ඉන්දියාව සහ පකිස්ථානය අවසන් මහා තරඟයේදී ලෝක ක්‍රිකට් වල වෙන කිසිවක් සිදු නොවිය යුතුයි,” යනුවෙනි.

2023 ආසියානු කුසලානයේ සත්කාරක අයිතිය පකිස්තානයට හිමි වූ දා සිට ඉන්දියාව සිය නම තරගාවලියෙන් ඉවත් කර ගනු ඇතැයි බොහෝ මත පල වූ අතර 2022 ඔක්තෝම්බර් මාසයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා තහවුරු කළේ 2023 ආසියානු කුසලානය සඳහා ඉන්දියාව පාකිස්තානයට නොයන බවයි.මාර්තු මාසයේ ACC සාමාජිකයින්ගේ විධායක මණ්ඩල රැස්වීමේ දෙවන වටයේ දී නව සත්කාරකත්වය තීරණය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button