Cricket NewsEXCLUSIVET10 League

වනිඳුගේ සුපිරි පන්දු යැවීමත්, ටොම් කෝලර්ගෙ සුපිරි පිතිකරණයත් සමග Deccan Gladiators කණ්ඩායමට විශිෂ්ට ජයක් හිමි කරදෙයි.!

මේ වන විට ලෝකයේ පැවැත්වෙන වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 තරඟාවලිය අති උත්කර්ෂවත් අයුරින් අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

මෙවර තරගාවලියේ 27වන තරගය ලෙසින් ද Deccan gladiators සහ Bangla tigers කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 62ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට Deccan gladiators කණ්ඩායම සමත්වුණා.

තරගාවලියේ විශේෂ සිදුවීම් දෙකක් සිදු වූ අතර ඒ Tom Kohler විසින් T10 ඉතිහාසයේ ක්‍රීඩකයෙකු විසින් වාර්තාකරන ලද විශිෂ්ටතම ඉනිම විසින් වාර්තා කිරීමයි.

ඔහු පන්දු 39ක් තුළ වේගවත් ලකුණු 96ක් රැස් කිරීමට සමත් වූ අතර ඉතිහාසයේ පළමු T10 ශතකය පේන මානයට පැමිණ, ඔහු ශතකයට ලකුණු 4ක් ලබාගැනීමට තිබියදී දැවී ගියා.

තරගයේ දෙවන විශේෂ අවස්ථාව වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග Deccan Gladiators කණ්ඩායම නියෝජනය කරමින් අද දිනයේ කඩුලු 5ක් වාර්තා කිරීමයි.

එම කඩුලු 5ත් සමග T10 තරඟාවලියක හොඳම පන්දු යැවීම සම කිරීමට වනිදු හසරංග සමත්වූ අතර එමෙන්ම තරඟ 10ක් තුළ ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව ද වනිඳු ගෙ නම ඉදිරියෙන් ලියැවිණි.

අද තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ Bangla Tigers කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Deccan Gladiators ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 10 අවසාන කළේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 140 ක දැවැන්ත ලකුණ පුවරුවක් ගොඩනඟමිනි.

Gladiators වෙනුවෙන් සුපිරි පිතිකරණයක නිරත වූ Tom පන්දු 39 කින් ලකුණු 96ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ විශිෂ්ට ඉනිමට දැවැන්ත හයේ පහරවල් 5 ක් සහ හතරේ පහරවල් 12 ක් ඇතුළත් වුණා.

Andre Russell ලකුණු 26 ක් රැස් කළ අතර ස්මිත් ලකුණු 12 යි.

පන්දු යැවීමේදී Luke Wood එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වුණා.

අනතුරුව ලකුණු 141ක් ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි Bangla tigers කණ්ඩායම පන්දුවාර 8කුත් පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 78ක් පමණයි.

Bangla Tigers කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඉසුරු උදාන පන්දු 11 ක් තුළ වේගවත් ලකුණු 33 ක් වාර්තා කළා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 2ක් සමග හතරේ පහරවල් 5ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සිය පන්දු වාර දෙක තුළ කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූයේ එක් නිලකුණු පන්දු වාරයක් ද සමඟිනි.

තරගයේ වීරයා සම්මානය ලකුණු 96 ක් රැස් කළ Tom Kohlerට හිමි වූ අතර තරගයේ “Magic Momnt of the Match” සම්මානය වනිඳු හසරංග හට හිමිවුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7