Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි-20 තරඟයට ඕස්ට්‍රේලියාව සිය බර අවි සියල්ලම කැඳවමින් අති ප්‍රභල සංචිතයක් නම් කරයි.!

හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට විස්සයි-20 තරග තුනක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත් අතර විස්සයි-20 තරඟාවලියෙන් මෙම තරඟ සංචාරය ඇරඹෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග හෙට(7) පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියාව සිය ප්‍රභල සංචිතයක් නම් කර ඇති අතර ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකුම මෙම කණ්ඩායමට ද ඇතුළත් කිරීමට ඕස්ට්‍රේලියානුවන් පියවර ගෙන තිබීම කැපී පෙනෙනවා.

එමෙන්ම මෙම පළමු තරඟය සඳහා ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Ashton Agar ප්‍රධාන දග පන්දු යවන්නා ලෙස කණ්ඩායමට නම් කර තිබෙනවා.

මේ වන විට වර්තමාන විස්සයි-20 ලෝක ශුරයන් වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව සිය ප්‍රහාරාත්මක පිතිකරණ බලඇණියේ ප්‍රභලම තුරුම්පු කැඳවා තිබෙන අතර

David Warner, Mitch Marsh, Glenn Maxwell, Steve Smith සහ Mitch Marsh මෙන්ම Mitchell Starc, Kane Richardson, Josh Hazlewood යන ක්‍රීඩකයින් යළි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කැදවා තිබෙන අතර ඔවුන් මිට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ තරග කිහිපය සදහා ක්‍රීඩා කළේ නැහැ.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි-20 තරඟය හෙට රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.

හෙට තරඟයට ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම – Aaron Finch (c), David Warner, Mitch Marsh, Glenn Maxwell, Steve Smith, Marcus Stoinis, Matthew Wade, Ashton Agar, Mitchell Starc, Kane Richardson, Josh Hazlewood

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7