පාකිස්තානයට පැමිණි කොදෙව් ප්‍රබල ක්‍රිකට් තරු තිදෙනෙකු කොරෝනා හේතුවෙන් තරඟාවලියෙන් ඉවතට.!

තරග සංචාරයක් සදහා පාකිස්තානයට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.
පාකිස්තානයට පැමිණීමෙන් පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදීයි ඒ බව තහවුරු වී ඇති අතර ඒ අනුව එම ක්‍රීඩකයින් මේ වන විට හුදෙකලා කර තැබීමට කටයුතු කර ඇති බව කොදෙව් ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා.
මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇත්තේ ශෙල්ඩන් කොට්‍රෙල්, රොස්ටන් චේස්, ක්යිල් මේයර්ස් යන ක්‍රීඩකයින්ටයි.ඔවුන්ට අමතරව කණ්ඩායම් කළමණාකාරීත්වයට සම්බන්ධ සාමාජිකයෙකුට ද කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බැවින් මෙම තරග සංචාරයේ කිසිදු තරගයක් සදහා ඔවුන් සම්බන්ධ නොවන බව කොදෙව් ක්‍රිකට් ආයතනය කියා සිටියා.වෛරසය ආසාදනය වූ සිව් දෙනා දින 10ක කාලයක් හුදෙකලා කර තැබීමට නියමිත අතර, කොවිඩ් 19 වෛරසය ශරීරියේ නොමැති බවට වෛද්‍ය පරීක්ෂණයකින් ද තහවුරු කිරීමට ඔවුන්ට ඉදිරියේ දී සිදු වනු ඇති.
මෙම තරග සංචාරයේ දී කොදෙව්වන් හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිත අතර ඉන් පළමු 20යි 20 තරගය හෙට පකිස්ථානයේ කරච්චි ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.