Cricket NewsEXCLUSIVE

“Babar Azam හොඳ ටෙස්ට් පිතිකරුවෙක්, නමුත් ඔහු විස්සයි-20 වගේම එක්දිනවලදි හොඳ පිතිකරුවෙකු නෙමෙයි” – හර්බජාන් සිංගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් – පකිස්තානු රසිකයන්ගෙන් හර්බජාන් සිංට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන.!

වත්මන් පකිස්තානු නායක බාබර් අසාම් සැලකෙන්නේ ක්‍රිකට් වංශකතාව අලුතින් ලිවීමට හැකියාවක් ලද ඉතා දීර්ඝ ගමනක් සහිත පිතිකරුවෙකු ලෙසටයි.තරඟ ආකෘති තුන පුරාවටම බාබර් සැලකිය යුතු මට්ටමේ විශිෂ්ඨ දස්කම් දක්වා තිබේ.

කෙසේ නමුත් අවසන් වසර කිහිපය පුරාවටම සංඛ්‍යාමය අතින් ඉහල වාර්ථා රැසක් පසුකර ගිය බාබර් එම වාර්ථා පසු කර යෑමේදී දැක්වූයේ අඩු ගුණාත්මක බවක් වීම දැඩි වශයෙන් කතා බහට ලක්වූවා.විස්සයි විස්ස ලකුණු 7000 අඩුම ඉනිම් ගණනකින් පසු කර ගිය පිතිකරුවා වූ බාබර් ලකුණු 7000 පසු කිරීම සඳහා වැඩිම පන්දු ගණනක් වැය කල පිතිකරුවන් අතර තෙවැන්නා වීම ඊට කදිම නිදසුනක්.

බාබර් විස්සයි විස්ස ලකුණු 7000 සීමාව පසු කර ගියේ මීට දින කිහිපයකට ඉහතදී වන අතර ඊට දින කිහිපයකට පසුව හිටපු ඉන්දීය දඟ පන්දු යවන්නෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් බාබර් ගේ සීමිත පන්දුවාර තරඟ රටාවේ පිතිකරණය විවේචනය කරමින් කියා සිටියේ ඔහු පන්දුවාරයක පන්දු පහක් ක්‍රීඩා කලත් එය පන්දු යවන්නාට කිසිදු රිදවීමක් නොකරනු ඇති බවය.

“බාබර් අසාම් යනු හොඳ හා නිවැරදි ටෙස්ට් පිතිකරුවෙක්.නමුත් ඔහු විස්සයි විස්සෙදි හා එක්දින වලදි හොඳ පිතිකරුවෙක් නෙවෙයි.ඔබට ප්‍රතිවාදියෙක් ලෙස ඔහු පන්දුවාරයක පන්දු පහකට මුහුණ දීමට අවශ්‍ය නම් ඔහු කිසිවිටකත් ඔබව රිද්දන්නේ නැත”
යනුවෙන් හර්බජාන් සිං කියා සිටියේය.

මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය තුල පකිස්තානු ක්‍රීඩා ලෝලීන් කුපිත කරවන සුළු පුවතක් බවට පත්ව තිබෙන අතර හර්බජාන් හට පකිස්තානු ක්‍රීඩා ලෝලීන්ගෙන් එල්ලවන්නේ විශාල විරෝධතාවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
8
+1
0
+1
2
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7