Cricket NewsEXCLUSIVET10 League

ඉසුරු උදාන නියෝජනය කරන Bangla Tigers කණ්ඩායම ලොව වේගවත්ම ලීගයේ Northern Warriorsට එරෙහිව සුපිරි ජයක් වාර්තා කරයි.!

මේ වන විට ලෝකයේ පැවැත්වෙන වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 තරඟාවලිය අති උත්කර්ෂවත් අයුරින් අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

මෙවර තරගාවලිය 27වන තරගය ලෙසින් Bangla Tigers සහ Northern Warriors යන කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 30ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ඉසුරු උදාන නියෝජනය කරන Banngla tigers කණ්ඩායම සමත්වුණා.

අද තරඟයේ කාසියේ වාසිය දිනූ Northern Warriors නායක Du plessis ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Bangla tigers කණ්ඩායමට ආරාධනා ද සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Bangla tigers කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 119 ක් රැස් කිරීමට සමත් වුණා.

විශිෂ්ට පිතිකරණය කර නිරත වූ Hazrathullah susai ලකුණු 55 ක් රැස් කළ අතර නායක Du plessis ලකුණු 38ක් රැස්කළා.

Bangla Tigers ඉනිමේ බිඳ වැටුනු එකම කඩුල්ල ඉම්රාන් තහීර් විසින් ලබා ගත්තා.

අතුරුව ලකුණු 120ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Northern Warriors කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 89ක් පමණයි.

ඒ අනුව ලකුණු 30 ජයග්‍රහණයක් Bangla tigers කණ්ඩායමට හිමි වුණා.

Northern Warriors වෙනුවෙන් අවසන් මොහොතේ වේගවත් පිතිකරණයක නිරත වූ Umair Ali පන්දු 16ක් තුළ නොදැවි ලකුණු 39ක් රැස්කිරීමට සමත්වුණා.

අන් කිසිදු ක්‍රීඩකයකුට ලකුණු විස්සෙ සීමාව අසලකටවත් පැමිණීමට හැකියාව ලැබුණේ නැහැ.

පන්දු යැවීමේදී Tom Hartley විසින් කඩුලු දෙකක් බිඳ හෙලූ අතර James Faulkner සහ Luke fletcher විසින් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඉසුරු උදාන ද Northern Warriors ක්‍රිඩක මිතුන්ව දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 30කින් තරගයේ ජයග්‍රහණය Bangla Tigers කණ්ඩායමට හිමි වූ අතර තරගාවලියේ වීරයා බවට පත්වූයේ Hazrathullah sasaiය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7