Cricket NewsEXCLUSIVEInternational

බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය දිනයක් සනිටුවහන් කරමින් දකුණු අප්‍රිකාව පරාජය කළ බංගලදේශය 2-1ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කරයි.!

බංගලාදේශ ක්‍රිකට් වංශ කතාවේ තවත් ස්වර්ණමය පරිච්ඡේදයක් රන් අකුරින් ලිය වීමට තමීම් ඉක්බාල්, Taskin Ahmed ප්‍රමුඛ බංග්ලාදේශ කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා

ඒ ‍ක්‍රිකට් ලෝකයේ ප්‍රබල දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේදී 2-1ක් ලෙස එක්දින තරඟාවලි ජයග්‍රහණයක් සනිටුවහන් කරමිනි.

තරගාවලියේ මීට පෙර පැවති පළමු තරගය බංගලාදේශයේ ජයග්‍රහණය කළ අතර දෙවන තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම ජයග්‍රහණය කළා.

ඒ අනුව තරගාවලිය ජයග්‍රහයකයින් තීරණය කරන තීරණාත්මක තෙවන තරගය ජයග්‍රහණය කරමින් මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

කෙසේ නමුත් නායකයාගේ එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට දකුණු අප්‍රිකා පිතිකරුවන් සමත් වූයේ නැහැ.

පන්දුවාර 37ක් තුළ සියලු දෙනා දැවී දකුණු අප්‍රිකාව රැස් කරනු ලැබුවේ ලකුණු 154ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Janneman Malan ලකුණු 39 ක් රැස් කිරීමට සමත් වුණා. Keshav Maharaj ලකුණු 28 ක් රැස් කළ අතර Dwaine ලකුණු 20ක් රැස්කළා.

අන් කිසිදු දකුණු අප්‍රිකානු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව හෝ පසුකිරීමට බංගලාදේශ පන්දු බලඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Taskin ahmed කඩුලු 5ක් බිද හෙලිමට සමත් වූයේ දකුණු අප්‍රිකා පිතිකරුවන් අන්ත අසරණ කරමිනි.

ඊට අනගි සහයක් ලබා දුන් Shakib Al Hasan කඩුලු දෙකක් බිඳ හෙලූ අතර මෙහිදී හසන් සහ Shoriful Islam එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 155ක පහසු ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බංගලාදේශ පිතිකරුවන් පන්දුවාර 26 කුත් පන්දු 3ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 156ක් ලබා තරගය ජයග්‍රහණය කළා.

බංගාදේශය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක Tamim Iqbal නොදැවී ලකුණු 87ක් රැස්කිරීමට සමත්වූ අතර Litton Das ලකුණු 48ක් රැස් කළා.

Shakib al hasan නොදැවී ලකුණු 18යි.

මෙම තරඟාවලි ජයග්‍රහණය ක්‍රිකට් ඉතිහාස පොත් අතරට එක් වූයේ දකුණු අප්‍රිකාව තරගාවලියකින් පරාජයට පත් කිරීමට බංගලාදේශය සමත් වූ ප්‍රථම අවස්ථාව ලෙසටයි.

තරඟාවලියේ විරය සහා අවසන් තරඟයේ වීරයා යන සම්මාන දිව්ත්වයම Taskin Ahamed හට හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7