Cricket NewsEXCLUSIVE

ආසියානු කණ්ඩායමක් ටෙස්ට් පිටියේ ලද ඉහළම ජයග්‍රහණයට හිමිකම් කියමින් ඇෆ්ගනිස්තානය පරදා බංග්ලාදේශයට ලකුණු 546 ක දැවැන්ත ජයක් !

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව මීර්පූර් හිදී පැවැති පළමු ටෙස්ට් තරඟය ලකුණු 546 ක වාර්ථාගත ජයක් සමඟින් නිමා කරන්නට සත්කාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ අද සමත් විය.

සිව්වැනි ඉනිමේදී ජයග්‍රහණය සඳහා ලකුණු 662 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තානයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 115 ක් පමණයි.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් රහ්මට් ශා ලකුණු 30 ක් රැස් කල අතර කරීම් ජනට් ලකුණු 18 ක් රැස් කලේය.

පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහම්ඩ් කඩුලු 4 ක් බිඳ හෙළූ අතර ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 3 කට හිමිකම් කිවේය.

තරඟයේ ඉනිම් දෙකෙහිදීම ශතක ලබාගත් නජ්මුල් හොසේන් ශාන්ටෝ තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේය.

බංග්ලාදේශ පළමු ඉනිම – 382

ශාන්ටෝ 146(175)
හසන් ජෝයි 76 (137)

ඇෆ්ගන් පළමු ඉනිම – 146

සසායි 36(40)
ජාමාල් 35(43)

බංග්ලාදේශ දෙවන ඉනිම – 425/4d

ශාන්ටෝ 124(151)
මොමිනුල් 121*(145)

ඇෆ්ගන් දෙවන ඉනිම – 115

රහ්මට් 30(73)
ජනට් 18(18)

ඒ අනුව තරඟාවලිය තරඟ 1-0 ක් ලෙසින් ජයගන්නට සත්කාරක බංග්ලාදේශය සමත් වූ අතර මෙය වාර්තා අතරට එක්වූයේ ආසියානු කණ්ඩායමක් ටෙස්ට් පිටියේ ලද ඉහළම ජයග්‍රහණය ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button