Cricket NewsEXCLUSIVEIPL

Jonny Bairstow ඉවත්කර භානුක රාජපක්ෂව නැවතත් Punjab Kings සංචිතයට කැඳවයි – මහිෂ්ගේ CSK සහ භානුකගේ Punjab අතර තරඟය අදයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 38වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ මහිෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ ක්‍රීඩා කරන Chennai Super Kings කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Chennai Super Kings හි නායකත්වය Ravindra Jadeja විසින් දරන අතර Punjab Kings හි නායකත්වය Mayank Agarwal විසින් දරනවා.

Punjab Kings කණ්ඩායම මේ වන විට තරඟ 7කට සහබාගි වී ඉන් තරඟ 3ක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 8වන ස්ථානයේ පසුවනවා. Punjab Kings සහබාගි වූ මුල් තරඟ දෙකෙහිදීම Punjab Kings වෙනුවෙන් සටන්කාමී ඉනිම් දියත් කිරීමට ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සමත් වුනා. තෙවැනි තරඟයේදී ඔහු දුවද්දී දැවී යාමකට හසු වුනා.

අනතුරුව පැවති සියලුම තරඟය වලට භානුකගේ ස්ථානයට Jonny Bairstow ක්‍රීඩා කිරීමට පැමිණියත් ඔහුට සාර්ථක වීමට අවස්ථාවක් ලැබුනේ නැහැ. ඔහු රැස් කල ඉහලම ලකුණු ගණන වුයේ ලකුණු 12. ලබා දුන් අවස්ථා 4දීම ඔහු අසාර්ථක වීම අද තරඟයට භානුක රාජපක්ෂව නැවතත් සංචිතයට කැඳවීමට Punjab Kings කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.

එමෙන්ම Chennai Super Kings වෙනුවෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිතයි

Chennai Super Kings කණ්ඩායම ද මේ වන විට තරඟ 7කට මුහුණ දී ඉන් තරඟ 2ක් ජය ගෙන ප්‍රසාද ලකුනු සටහනේ 9 වන ස්ථානයේ පසු වනවා.

ඒ අනුව Chennai Super Kings සහ Punjab Kings අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Punjab Kings –

Mayank Agarwal (c), Shikhar Dhawan, Bhanuka Rajapaksa, Liam Livingstone, Jitesh Sharma (wk), Shahrukh Khan, Benny Howell, Kagiso Rabada, Rahul Chahar, Vaibhav Arora, Arshdeep Singh

Chennai Super Kings –

Ruturaj Gaikwad, Robin Uthappa, Ambati Rayudu, Shivam Dube, Ravindra Jadeja (c), MS Dhoni (wk), Dwaine Pretorius, Dwayne Bravo, Mitchell Santner, Maheesh Theekshana, Mukesh Choudhary

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7