Cricket NewsEXCLUSIVEIPL

වසර 7කට පසුව IPL ක්‍රිඩා කරන ප්‍රථම ශ්‍රී ලාංකීය පිතිකරුවා ලෙස භානුක රාජපක්ෂ අද IPL වරම් හිමි කර ගනී.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය ඊයේ අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූවා.

මේ අතර අද තරගාවලියේ දෙවන තරගය ලෙස Punjab Kings කණ්ඩායම සහ Royals Challengers Bangalore අතර තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.

එහි දී Punjab Kings වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ අද දිනයේ දී IPL වරම් හිමිකර ගැනීමට සමත් වුණා.

භානුක රාජපක්ෂ අද දිනයේ දී Punjab Kings කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කරන අතර සිව් වන ස්ථානයේ පිතිකරණයේ යෙදීමට ද නියමිතයි.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ සිට දස්කම් අතර සිටින භානුක රාජපක්ෂ විදෙස් විචාරකයින්ගේ පවා දැඩි අවධානයට ලක් වූ ප්‍රබල ප්‍රහාරාත්මක පිතිකරුවෙක්.

පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ දැක්වූ දස්කම් සහ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දැක්වූ දස්කම් මත ඔහුට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ වරම් හිමි වුණා.

කාලයක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඩු සැලකිලි වලට ලක්වන භානුක රාජපක්ෂ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන්නේ පිතිකරුවකු ලෙස වසර 7කට පසුව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා ලෙසයි.

ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන් ලෙස භානුකට SixCricket අපෙන් සුභ පැතුම්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7