Cricket NewsEXCLUSIVEIPLMatch Review

ප්‍රභල Mumbai Indians කණ්ඩායමට පරාජය උරුම කරමින් Delhi Capitals විශිෂ්ට ජයක් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය ඊයේ ආරම්භ වූයේ අති උත්කර්ෂවත් අයුරිනි.

ඒ අනුව අද පැවැත්වුණු තරඟාවලියේ දෙවන තරඟය වූ Mumbai Indians සහ Delhi Capitals අතර තරඟයෙන් ප්‍රභල Mumbai Indians කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින් මෙවර IPL තරඟාවලිය අති සාර්ථකව ආරම්භ කිරීමට Delhi Capitals කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා Mumbai Indians කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Mumbai Indians කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 177ක් රැස් කර ගැනීමට සමත් වුනා.

Mumbai Indians හි වැඩිම ලකුණුලාභියා වූ Ishan Kishan වේගවත් පිතිකරණයක් දියත් කරමින් පන්දු 48ක් තුළ ලකුණු 81ක් රැස් කිරීමට සමත් වූයේ මෙවර තරගාවලියේ වැඩිම මුදලකට අලෙවි වීමට තමා සුදුසු බව පෙන්වා දෙමිනි.

නායක Rohit Sharma ලකුණු 41ක් රැස් කළ අතර Tilak Varma ලකුණු 22ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Kuldeep Yadav කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වුනේ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 18ක් පමණක් ලබා දෙමිනි.

Khaleel Ahmed කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 178ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන් පන්දුවාර 18 කුත් පන්දු 1ක් අවසානයේ ජයග්‍රාහි ලකුණු සීමාව පසුකර යෑමට සමත් වුණා.

Delhi Capitals වෙනුවෙන් ඉවසිලිවන්ත ඉනිමක් දියත් කළ Lalit Yadav ලකුණු 48 ක් රැස්කිරීමට සමත්වුණා.

Prithvi Shaw ලකුණු 38 ක් රැස් කළ අතර Axar Patel ලකුණු 38ක් රැස්කළා.

පන්දු යැවීමේදී Basil Thampi විසින් කඩුලු 3ක් බිඳ හෙලූ අතර Murugan Ashwin කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button