Cricket GossipCricket NewsEXCLUSIVE

“එහෙන් දාද්දි තඩියා ලේසියෙන් ගහනවා, මෙහෙන් දාද්දි තමා තඩියා අමාරුවෙන් ගහන්නෙ” – Cornwallව දවා ගන්න චන්දිමාල් දුන් උපදෙස.!

ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියට අදාළව පැවැත්වෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තතරඟය ලකුණු 187කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ සමත් වුනා.

කොයි මොහොතේ හෝ පහළට ඇද හැළීමට මාන බලමින් උදෑසන සිටම වැහි වළාකුළින් බරව තිබූ ගාල්ල අහස් කුස, ලසිත් ඇඹුල්දෙණිය විසින් කොදෙව් ඉනිමේ අවසන් පිතිකරුවා වුණු ෂෙනන් ගේබ්‍රියල්ගේ කඩුල්ල දවා ගන්නා තෙක්ම කාරුණික වීම විශ්මය ජනකය.

කෙසේ වෙතත් ජයග්‍රහණය සමරා ක්‍රීඩකයින් පිටියෙන් ඉවතට ඒමට මත්තෙන්ම ගිගුරුම් සහිත වර්ෂාව ක්‍රීඩාංගණයට ඇද හැළුණේ ‘වැස්ස වළාහක දෙවියන්ද’ දිමුත් ඇතුළු පිරිවරේ ජයග්‍රහණයට ආශිර්වාදයක් වූ බවට ඉඟි ලබා දෙමිනි.

මේ අතර තරඟයේ පස් වන දිනය වූ අද දිනයේ ජයග්‍රහණය වාර්තා කිරීමටනම් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 4ක් දවාගැනීමට තිබු අතර තරඟය අතරතුර ශ්‍ කොදෙව් පිතිකරු Cornwall ව දව ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩිව උත්සහ කල අතර, කඩුල්ල පිටු පස සිටින දිනේෂ් චන්දිමාල් අපුරු උපදෙසක් ඒ වුනුවෙන් ලබා දෙන ආකාරය කැමරා කාචයට පහත ආකාරයට හසුව තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7