Cricket NewsEXCLUSIVEIPL

Punjab Kings කණ්ඩායම හා එක් වීමේ බලාපොරොත්තුවෙන් භානුක රාජපක්ෂ ඉන්දියාව බලා පිටත් වෙයි.!

ක්‍රිකට් ලෝකාය් ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට “පිතිකරුවකු ලෙස පමණක්” ශ්‍රී ලංකා ක්‍රිඩකයකු එක් වන්නේ වසර 9කට පසුවය.

එනම් ඩිල්ශාන් සංගා මහේල පරම්පරාවෙන් පසු පිතිකරුවකු ලෙස එක් වන පළමු ශ්‍රී ලාංකික ක්‍රිඩකයා ලෙස භානුක රාජපක්ෂව Punjab Kings කණ්ඩායම විසින් ක්‍රිඩක වෙන්දේසියේදි මිලට ගනු ලැබුවා.Punjab Kings කණ්ඩායමට ක්‍රිඩා කිරීම සඳහා Renaissance Mumbai Convention Center හෝටලයේ ස්ථානගත කිරීමට සැලසුම් කර ඇති ඔහුගේ Punjab Kings ජෛව බුබුලට ඇතුළු වීම සඳහා භානුක රාජපක්ෂ අද දිවයිනෙන් පිටත්ව යනු ලැබුවා.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඔවුන්ගේ IPL 2022 ප්‍රථම තරඟය දැඩි රසික ආකර්ෂණයක් හිමි Royal Challenges Bangalore කණ්ඩායමට එරෙහිව මාර්තු 27 වන දින තරඟ වැදිමට නියමිතයි.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් හි දැනට පැවැත්වෙන එංගලන්ත සංචාරය හේතුවෙන්, පන්ජාබ් කිංග්ස් පළමු මට්ටමේ විදේශීය තේරීම වන ජොනි බෙයාර්ස්ටො හට පලමු තරඟය අහිමි වීමේ අවධානමක් පවතිනවා.

ඒ තරඟාවලියේ 3 වන ටෙස්ට් තරඟය මාර්තු 24 සිට 28 දක්වා ක්‍රියාත්මක වන බැවිනි.

ඒ හේතුවෙන් ජොනී බෙයාර්ස්ටෝ හට එළඹෙන 27 වනදා පැවැත්වෙන ඔවුන්ගේ පළමු තරඟයට සහභාගී නොවනු ඇත.

එබැවින් භානුක රාජපක්ෂට මැදපෙළ පිතිකරුවෙකු ලෙස පන්ජාබ් කිංග්ස් සමාරම්භක තරඟයට පෙනී සිටීමට විශාල අවස්ථාවක් තිබෙන බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7