Cricket NewsEXCLUSIVEInternational

“මම හිතන්නේ ෂකිබ් අල් හසන් යම් මානසික අබාධයකින් පෙළෙනවා” – ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පසුබට වන ශකීබ්ගේ දුර්වල ආකල්ප එරට ක්‍රිකට් සභාපති වරයා දැඩි ලෙස විවේචනය කරයි.!

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් හට ලබන අප්‍රේල් 30 වැනිදා දක්වා මසකට අධික කාලයක් විවේක ගන්වන්නට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ශකීබ් ගේ එල්ලීමක අනුව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර ශකීබ්ගේ දුර්වල ආකල්ප එරට ක්‍රිකට් සභාපති වරායා දිගින් දිගටම විවේචනය කලේය.

ශකීබ්ගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කරමින් එරට ක්‍රිකට් සභාපති නස්මුල් හුසේන් කියා සිටියේ ඔහුට එරෙහිව අකමැති තීරණ ගැනීමටද තමන් පසුබට නොවන බවය.

ශකීබ් හට මේ වසරින් වැඩි කාලයක් සීමිත පන්දුවාර තරඟ ආකෘති පමණක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව ඔහු එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට සඳහන් කර තිබුණේ මීට දින කිහිපයකට පෙරාතුවය.

බංග්ලාදේශය මාර්තු-අප්‍රේල් මාසවල දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිත දිනවලදීම පැවැත්වීමට නියමිත IPL තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඔහු ඉදිරිපත් විය.

එහෙත් කිසිදු කණ්ඩායමක් ඔහුව මිලදී නොගැනීමෙන් පසුව, එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඔහුව එක් කර ගත හැකි වනු ඇතැයි BCB බලාපොරොත්තු විය.

පසුගිය සතියේ ඇෆ්ගනිස්තානයට එරෙහි අවසන් එක්දින තරගයෙන් පසුව හසන් කියා සිටියේ ෂකීබ් එක්දින සහ ටෙස්ට් තරග සඳහා දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට කැමැත්ත පළ කළ බවයි.

ඔහු කණ්ඩායම් දෙකෙහිම අන්තර්ගත වූ නමුත් ඔහු විවේකයක් ඉල්ලා සිටි බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මාධ්‍ය වෙත සඳහන් කලේය. තමන්ගේ මානසික සෞඛ්‍ය තත්වය හොඳ මට්ටමකට ගෙන ඒමටත් ශාරීරික විඩාවෙන් මිදීමටත් අවශ්‍ය බවත් සඳහන් කරමිනි.

ක්‍රීඩකයින් කිසියම් තරඟ ආකෘතියක් මඟ හැරීමට අදහස් කරන්නේ නම් කල්තියා ක්‍රීඩකයින්ට ඒ බව දැනුම් දෙන ලෙස ක්‍රීඩකයින්ට පැහැදිලි කර ඇති බව BCB සභාපතිවරයා පැවසීය.

ශකීබ්ගේ මෙම ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කල බංග්ලාදේශ ක්‍රිකට් සභාපති සඳහන් කර සිටියේ“ඔවුන්ට නිශ්චිත ආකෘතියක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නැතිනම් ඔවුන් කලින් අපව දැනුවත් කළ යුතු බව මම සෑම අයෙකුට සමඟම පැහැදිලිව පැවසීමි.නමුත් ඔවුන් මේ සියල්ල නොකළ යුතුයි. එය සුදුසු නැහැ.” ඔහු කියා සිටියේය.

“මම හිතන්නේ ඔහු දුර්වල ශාරීරික හා මානසික තත්වයක සිටියා නම්, ඔහු IPL වෙන්දේසියේ ඔහුගේ නම ලබා නොදෙනු ඇතැයි සිතීම තර්කානුකූලයි,” හසන් පැවසීය.

දුර්වල කායික හා මානසික තත්වයක සිටින බව පැවසුවද, ෂකීබ් අයිපීඑල් වෙන්දේසිය සඳහා ඔහුගේ නම ලබා දුන් නමුත් කිසිදු කණ්ඩායමක් විසින් ශකීබ් ව තෝරා ගනු ලැබුවේ නැත.

“ඔහුට බංග්ලාදේශයට ක්‍රීඩා කිරීමට අවශ්‍ය නැතිනම් අපට ඒකට මොකුත් කියන්න බැහැ. නමුත් ඔහුට දිගින් දිගටම එහෙම කියන්න බෑ මම මේ ක්‍රීඩාව කරන්නම්.

මම අර ක්‍රීඩාව ක්‍රීඩාව නොකරන්නම් කියලා. අපි ආදරය කරන අයට අපි මෘදුයි, නමුත් ඔවුන් ද වෘත්තීමය වෙන්න ඕනි විය.එහෙම උනේ නැත්තම් ඔවුන් අකමැති තීරණ ගැනීමට අපට සිදුවනු ඇත.”යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් සභාපති සඳහන් කළේය.

පසුගිය වසර පහ තුළ බංග්ලාදේශය ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග 33 න් 15 කට පමණක් ශකීබ් සහභාගි විය. මෙම කාලය තුළ දූෂිත ප්‍රවේශයක්,ආබාධ සහ පුද්ගලික නිවාඩු වාර්තා නොකිරීම හේතුවෙන් ඔහු වසරක වැඩ තහනමකට ලක් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7