Cricket NewsEXCLUSIVE

ඕස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ ලැබූ පරාජයත් සමග ඉතිරි තරඟ සදහා මිචෙල් ස්ටාක්ව නැවතත් කණ්ඩායමට කැඳවන ලකුණු.!

ඊයේ (16) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 26ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරඟාවලිය 1-1 ලෙස සම තත්වයට ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

මේ අතර ශ්‍රී ලංකාව සමඟ තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ යම් කොටසක් හෝ ක්‍රීඩා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් ප්‍රකාශ කර තිබෙනවා.

මාධ්‍ය හමුවකට එක් වෙමින් මිචෙල් ස්ටාක් මේ බව සඳහන් කර ඇති අතර ශ්‍රී ලංකාව හා පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වීම මේ වනවිය හටගෙන ඇති ඇඟිල්ලේ ආබාධය, බාධාවක් නොවන බව මෙහිදී වැඩි දුරටත් ඔහු සඳහන් කර තිබෙනවා.

මිචෙල් ස්ටාක් මේ වනවිට බොහෝ දුරට ඔහුගේ අබාධ තත්වයෙන් සුවය ලබා ඇති අතර ඒ අනුව ඔහු එක්දින තරඟාවලියට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අතර දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ තරඟ දෙකක් අවසන් වන විට 1-1ක් ලෙස කණ්ඩායම් දෙක සම තත්වයේ පසු වනවා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු විස්සයි-20 තරගයේ දී මිචෙල් ස්ටාක් ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට විස්සයි-20 තරග දෙකක් සහ එක්දින තරගාවලියේ තරග 02ක් අහිමි වී ගියා.

දෙරට අතර පැවැත්වෙන තෙවන එක්දින තරඟය එළඹෙන 19 වන දා කොළඹ ආර් ප්‍රෙමදාස ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7