Cricket NewsEXCLUSIVET10 League

⁣භානුක රාජපක්ෂගේ පිත්ත ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ගිණිකෙළි සැණකෙළියයක් කරයි – තරඟයේ වීරයාත් ⁣භානුක රාජපක්ෂ.!

තරගාවලියේ 26 වන තරඟය ලෙස Northern warrios කණ්ඩායම සහ Chennai Braves කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට දසුන් ශානක නායකත්වය දරන Chennai Braves කණ්ඩායම සමත්වුණා.

ඊයේ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Chennai Braves කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ලද Northern warrios කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Northern Warriors පිතිකරුවන් නියමිත පන්දුවාර 10 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 108ක් පමණයි.

Northern Warriors වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩක උපුල් තරංග පන්දු 14ක් තුළ වේගවත් ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුණ.

නායක Rovman Powell පන්දු 12ක් තුළ ලකුණු 31යි.

පන්දු යැවීමේදී Ravi Bopara, දසුන් ශානක සහ Curtis Camper කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

අනතුරුව ලකුණු 109 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Chennai Braves කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන භානුක රාජපක්ෂ සහ Mohommad Shezard කිසිදු කඩුල්ලක් නොදැවී Chennai කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන යාමට සමත් වුණා.

Shezard පන්දු 29ක් තුළ වේගවත් ලකුණු 54 ක් රැස් කිරීමට සමත් වූ අතර භානුක රාජපක්ෂ පන්දු 23ක් තුළ වේගවත් ලකුණු 55 ක් රැස්කළා.

භානුකගේ ඉනිම දැවැන්ත හයේ පාරවල් 4ක් සමග හතරේ පහර 6කින් වර්ණවත් වුනා.

තරඟයේ වටිනාම ක්‍රීඩකයා සම්මානය සහ තරගයේ වීරයා යන සම්මාන ද්විත්වයම හිමි වූයේ භානුක රාජපක්ෂ හටයි.

තරගාවලියේ මේ වන විට ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button