Cricket NewsEXCLUSIVET10 League

වනිඳුගේ දැඩි උත්සහය අපතේ යවමින් අවසන් මොහොතේ Team Abu Dhabi කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්.!

මෙවර තරගාවලියේ 25වන තරගය ලෙස අබුඩාබි කණ්ඩායම සහ ඩෙකෑන් කණ්ඩායම අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 8ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට අබුඩාබි කණ්ඩායම සමත් වුණා.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් Gladiators කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Abu Dhabi කණ්ඩායමට ආරාධනා කරසිටියා.

ඒ අනුව පිටියට පිවිසි Abu Dhabi පිතිකරුවන් නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 125ක් රැස් කිරීමටත් සමත් වුණා.

විශිෂ්ට පිතිකරණයක නිරතවූ Abu Dhabi කණ්ඩායමේ නායක Liam Livingstone පන්දු 24කින් වේගවත් ලකුණු 59ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත 6 පහරවල් 6ක් සමග හතරේ පහරවල් 3ක් ඇතුළත්, Colin පන්දු 11ක් තුලින් ලකුණු 25 ක් රැස්කිරීමට සමත් වුණා.

Phil Sault පන්දු 9න් ලකුණු 22යි.

පන්දු යැවීමේදී Tymai Mills කඩුලු 2ක් බිඳ හෙලූ අතර Oden Smith සහ Wahab Riaz අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

අද දිනයේ දී වනිඳු හසරංග හට කඩුලු ලබා ගැනීමට නොහැකි වුවත් ඔහුගේ පන්දුවාර දෙක තුළම ප්‍රතිවාදී පිතිකරුවන් හට ලබා දුන්නේ ලකුණු 15ක් පමණයි.

ඒ අනුව ලකුණු 126 ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටි Deccan Gladiators කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 117ක් පමණයි.

ඒ අනුව ලකුණු 8ක තියුණු ජයග්‍රහණයක් Abu Dhabi කණ්ඩායමට හිමි වුණා Deccan gladiators වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ Anwar Ali පන්දු 20ක් තුළ ලකුණු 42ක් රැස් කළේ දැවැන්ත හයේ පහර 6ක් එල්ල කරමිනි.

David Wiese පන්දු 10න් වේගවත් ලකුණු 27ක් රැස් කිරීමට සමත් වූ අතර අවසන් පන්දුවාර දෙ⁣ක තුල කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට සියලු උත්සාහයන් ගත් වනිදු හසරංග පන්දු 6කින් වේගවත් ලකුණු 15ක් රැස් කිරීමට සමත් වුටේ දැවැන්ත හයේ පහරක් සමග හතරේ පහර 2ක් එල්ල කරමිනි.

කෙසේ නමුත් නියමිත පන්දුවාර 10 අවසානයේ Deccan Gladiators කණ්ඩායම ලකුණු 117 කට දැවී ගියා.

අද ජයග්‍රහණය සමගින් Gladiatorsකණ්ඩායම දෙවන ස්ථානයට ඇද දමමින් මෙවර තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ Team Abu dhabi කණ්ඩායම ප්‍රථම ස්ථානයට පැමිණීමට සමත් වුණා.

අද තරගයේ වීරයා සම්මානය හිමිවූයේ පන්දු 24කින් වේගවත් ලකුණු 59ක් රැස්කල Liam livingstone හටයි.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7