Cricket NewsEXCLUSIVE

එක්දින ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ පසුවන ප්‍රභල පකිස්තාන කණ්ඩායම තරඟයේ අවසන් පන්දුවේදී පරාජය කරමින් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරඟයට.!

මෙවර පන්දුවාර 50 තරඟාවලියක් ලෙසින් පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට පිවිසෙන කණ්ඩායම තීරණය වන තීරණාත්මක තරඟයක් ලෙසින් ආරම්භ වූ ශ්‍රී ලංකා⁣ව සහ පකිස්තාන කණ්ඩායම අතර තරඟයේදී ප්‍රභල පකිස්තාන කණ්ඩායම පරාජය කරමින් ආසියානු කුසලාන අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර සමත් වුවා.

මේ වන විට එක්දින ක්‍රිකට් ශ්‍රෙණිගත කිරීම්හි පළමු වන ස්ථානයේ පකිස්තාන කණ්ඩායම සිටින අතර එහි 8වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවනවා.

අද තරඟයට වර්ශාවෙන් බාධා වූ අතර ඒ හේතුවෙන් තරඟය එක් කණ්ඩායමකට පන්දුවාර 42ක් තීරණය කෙරුනා.

⁣ඒ අනුව එළඹෙන 17 වන දා සිය 7වන ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ අරමුනික් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරඟ බිමට පිවිසෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button