Cricket NewsEXCLUSIVEFuture StarsInternational

ශේන් වොට්සන්ගේ නූතන ආගමනය… කැමරන් ග්‍රීන්

ඉන්දියාව සමග තරඟාවලිය ඕස්ට්‍රේලියාව පරාජයට පත් වූ නමුත් ප්‍රභල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විශිෂ්ඨ දස්කම් දක්වන්නට සමත් විය. විශේෂත්වය වූයේ තරඟාවලිය පුරාවට ඔවුන්ගේ ලෝක කුසලාන සංචිතය තුල ඉඩක් තමන්ටද හිමි විය යුතු බව කැමරන් ග්‍රීන් දිගින් දිගටම පෙන්වීමයි. යොවුන් ක්‍රීඩක ග්‍රීන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් දීර්ඝ ආකෘති තුල ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කල ඔහු මැදපෙල ස්ථාවර මැදපෙල පිතිකරුවෙකු ලෙසින් කණ්ඩායමේ ඉඩ වෙන් කරගත්තේය.

ඔහුගේ අවසන් ටෙස්ට් තරගාවලියේදීත් ඔහු මැද පෙල පිතිකරුවෙකු ලෙසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සවිමත් කලේය.විශේෂයෙන්ම නම් දැරූ පිතිකරුවන් ලකුණු අතරට පිවිසෙන්නට දැඩි වෙහෙසක් දරද්දී කැමරන් ග්‍රීන් අත්දැකීම් වලට වඩා පරිණත භාවයක් පෙන්නුම් කලේය.

තවමත් තම වෘත්තිමය ක්‍රිකට් දිවියේ මුල් කාර්තුව ගෙවා දමන ග්‍රීන් තවමත් පසුවන්නේ 23 වැනි වියේ වීම විශේෂත්වයකි.තරඟ ආකෘති තුනෙහිම ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගත් ග්‍රීන් තම කෙටි ක්‍රිකට් දිවිය තුල ප්‍රභලයෙකු වීමේ සලකුණු පෙන්වා අවසන්.

ග්‍රීන් පිළිබඳව විශාල කතා බහක් නිර්මාණය කරවූයේ ඉන්දු ඔස්ට්‍රේලියා විස්සයි විස්ස තරඟාවලියයි.ඩේවිඩ් වෝනර් එම තරඟාවලියෙන් විවේක ගන්වා තිබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු කලමණාකාරීත්වය තීරණය කලේ ග්‍රීන් ආරම්භක පිතිකරුවෙකු ලෙසින් යොදාගන්නටයි.ග්‍රීන්ගේ සාම්ප්‍රදායික වගකීම වූයේ සීමිත පන්දුවාර තරඟ තුලදී ඉනිමට වේගවත් අවසානයක් ලබාදීමයි.එක්දින තරඟ 12 කට එක්වූ ඔහු ඒ බව පෙන්නුම් කර තිබේ.විස්සයි විස්ස තරඟ තුලදී ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට වේගවත් ඉනිම් අවසානයක් ලබාදිය හැකි පිතිකරුවන් සුලභ වන අතර ටිම් ඩේවිඩ්,ග්ලෙන් මැක්ස්වෙල් හා මැතිව් වේඩ් වැනි ක්‍රීඩකයින් නිසා ග්‍රීන් හට ඔස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයේ ඉඩකඩ අහිමි වූවා.

නමුත් තමාට පිතිකරණ ලැයිස්තුවේ ඕනෑම ස්ථානයක පන්දුවරට පහර දෙන්නට හැකි බව ග්‍රීන් පෙන්නුම් කලේ නායක ෆින්චි එක් අන්තයක අසාර්ථක වී තිබෙන පසුබිමකදීය.ඩේවිඩ් වෝනර්ගේ ආදේශනය වූ ග්‍රීන් ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ක්‍රීඩා කල පළමු තරඟයෙදීම ඉන්දීය කණ්ඩායමට එරෙහිව පන්දු 30 කදී ලකුණු 61 ක් රැස් කලේ ලකුණු 208 ක වාර්ථාගත ඉලක්කයක් හඹා යන්නට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අඩිතාලම දමමින්.

තමා ජාත්‍යන්තර පිටියට සේන්දු වූ කාල සීමාවට වඩා දැන් හොඳ මට්ටමක තාක්ෂණික අතින් දියුණුවක් අත්කරගෙන තිබෙන බවක් ඔහු පෙන්නුම් කලේය.විස්සයි විස්ස තරඟ රටාව තුලදී ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ආක්‍රමණශීලී මෙන්ම පන්දුව හොඳින් හිඩැස් තුලින් තල්ලු කරමින් ලකුණු ලබාගැනීමේ රුසියෙකු බව ප්‍රදර්ශනය කරන්නට ඔහු සමත් විය.පන්දුවේ දෝලනයට මුහුණ දීමට තරම් හොඳ ස්ථාවර තාක්ෂණයකට ග්‍රීන් උරුමක් කියන බව විචාරක මතය වූවා.

කඩුල්ලේ ස්ථාවර වීමට එතරම් කල්වේලා නොගන්නා ග්‍රීන් තෙවැනි විස්සයි විස්ස තරඟයේදීද ඉන්දීය කණ්ඩායමට එරෙහිව දියත් කරනු ලැබුවේ අනුකම්පා විරහිත ප්‍රහාරයකි.ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු විසින් ඉන්දීය කණ්ඩායමට එරෙහිව රැස් කල වේගවත්ම අර්ධ ශතකයට ඔහු හිමිකම් කීවේ පන්දු 21 කදී ලකුණු 52 ක් තම පිත්තෙන් වාර්ථා කරමිනි.

තරඟාවලිය පුරාවට ලකුණු 118 ක් තම ලකුණු මල්ලට ග්‍රීන් බැර කරගන්නේ එක් කඩුල්ලක් ද සමඟිනි.අවසන් විස්සයි විස්ස තරඟයේදී ඔහුගේ පන්දුවාර තුන තුලදී ඉන්දීය කණ්ඩායමට රැස් කරගන්නට හැකිවූයේ ලකුණු 14 ක් පමණක් ක් වීම විශේෂත්වයකි.

සෙසු ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් සේම අඩි 6 අඟල් 6 ක උසින් යුත් ග්‍රීන් පන්දුව දෙපසටම හොඳින් දෝලනය කල හැකි යොවුන් ක්‍රීඩකයෙකු ලෙසින් තම පළමු පෙල මුල්වකවානුවේදී ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව හඳුනාගත් බව සඳහන්.ඔස්ට්‍රේලියානු කණ්ඩායම තුල 6 හෝ 7 වැනි පන්දු යැවීමේ විකල්පය ලෙසින් ඔහුව භාවිතයට ගැනුනේද තුන්ඉරියව් ක්‍රීඩකයින් බහුල වීම හේතුවෙනි.නමුත් ටෙස්ට් කඩුලු 16 ක් එක්දින කඩුලු 14 ක් තම කඩුලු මල්ලේ දමාගෙන ඇති ඔහු පන්දු යවන්නෙකු ලෙසින් ටෙස්ට් හා එක්දින ආකෘති තුල මනා පාලනයක් හා රිද්මයක් සහිත අයෙක් බව පෙනෙන්නට තිබේ.

පිතිකරුවෙකු ලෙසින් ලකුණු 54 ක එක්දින සාමාන්‍යක්,ලකුණු 36 ක ටෙස්ට් සාමාන්‍යක් හා 30 ක විස්සයි විස්ස සාමාන්‍යක් ද සහිතව තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඇරඹූ ග්‍රීන්ගේ පළමු පෙල සාමාන්‍ය 49 ක් ලා list A තරඟ තුලදී සමාන්‍ය 43 ක් වන අතර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් හි දීර්ඝ කාලීන ආයෝජන අතර ඉහලින්ම සටහන් වන නාමය ග්‍රීන් බවට අනාවැකි පළ කිරීමටද පුළුවනි.

පළමු පෙල තරඟ තුලදී ඔහුගේ පන්දු යැවීම 31 ක් හා ලිස්ට් A තරඟ තුලදී එය 39 ක් වන අතර පිතිකරණය මූලික කරගත් තුන්ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් ඔහු තමන්ගේ දක්ෂතා හොඳ මට්ටමක රඳවාගෙන තිබෙන බව නම් නොරහසකි.

ශේන් වොට්සන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු වැනි තුන්ඉරියව් ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සොයාගැනීමට වැඩිකලක් ගත කරන්නට සිදුවිය.2019 අලුබඳුන තරඟාවලියේදී එවන් ක්‍රීඩකයෙකුගේ අවශ්‍යතාවය ඔස්ට්‍රේලියානු පිලට වැඩි වශයෙන් දැනුණු තරඟාවලියක් බවටද හඳුන්වන්නට පුළුවනි.

මොයිසස් හෙන්රික්ස්,මිචෙල් මාශ්,මාකස් ස්ටොයිනිස් වැනි ක්‍රීඩකයින් අවසන් වසර කිහිපය තුලදීම ඔවුන්ගේ තේරීම් තුල වූ නමුත් තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසින් ඔවුන්ගෙන් කණ්ඩායම අපේක්ෂා කල දෙය ලබාදෙන්නට ඔවුන් හට නොහැකි විය.

Consistency නම් කාරණාව මත හෙන්රික්ස් හා ස්ටොයිනිස් දෙදෙනාම විශාල පසුබෑමක් සහිත ක්‍රීඩකයින් බව අවසන් වසර කිහිපය තුලදී දක්නට ලැබුණි.මාශ් විස්සයි විස්ස තරඟ තුල පිතිකරුවෙකු ලෙසින් ස්ථාවර වූ නමුත් පන්දු යවන්නෙකු වශයෙන් ඔහුගේ සේවය එතරම් තැකීමක් නොවන තරම් ය.

මේ සියලු කාරණාත් ඇරොන් ෆින්ච් බොහෝ විට ලෝක කුසලානයෙන් පසුව විස්සයි විස්ස තරඟ රටාවෙන් විශ්‍රාම ගැනීමේ සලකුණු තිබෙන නිසාත් ග්‍රීන් හට වොට්සන්ගේ කාර්‍ය මගින් ඔස්‍ට්‍රේලියානු කණ්ඩායමේ සංයුතියට විශාල සවියක් වීමේ හැකියාව ඉහල බවක් පෙනෙන්නට තිබේ.කෙසේ නමුත් තවත් වසර 10-13 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියක උරුමකරුවෙකු වන ග්‍රීන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් හි නව මානයක් නිර්මාණය කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7