Cricket NewsEXCLUSIVEInternational

ෂිම්රොන් හෙට්මයර් ඔස්ට්‍රේලියාව බලා යාමට නියමිතව තිබූ ගුවන් ගමන මගහැරීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කරයි.

බටහිර ඉන්දීය කොදෙව්වන් ෂිම්රොන් හෙට්මයර් ඔස්ට්‍රේලියාව බලා යාමට නියමිතව තිබූ “යලි කාලසටහන් කළ” ( re-scheduled ) ගුවන් යානයක් මගහැරීම නිසා ඔහු T20 ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර ඇත. CWI පැවසුවේ තේරීම් කමිටුව විසින් “ඒකමතිකව” මෙම තීරණය ගෙන ඇති අතර, Hetmyer වෙනුවට Shamarh Brooks නම් කිරීමට ද තීරණය කර ඇති බවයි.

සෙනසුරාදා CPL අවසන් වීමෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් සංචිතයේ සෙසු ක්‍රීඩකයින් විවිධ කණ්ඩායම් වශයෙන් ඕස්ට්‍රේලියාවට පියාසර කර තිබුණි. ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමේ නායකයා වූ හෙට්මියර් මුලින් ඔක්තෝබර් 1 වැනිදා පිටත්ව යාමට නියමිතව සිටි නමුත් පුද්ගලික හේතූන් මත ඔහුගේ ගුවන් ගමන නැවත කාලසටහන් ( re-scheduled ) කිරීමට ඔහුට අවශ්‍ය වු නිසා CWI ඔහුව සඳුදා පිටත් වන ගුවන් යානයකින් වෙන් කරවා ගත්තේය, පසුව ඔහු එම යානයේද ගමන් නොකරන බව CWI හි ක්‍රිකට් අධ්‍යක්ෂ ජිමී ඇඩම්ස්ට පවසා ඇත.

CWI තේරීම් මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබුවේ පවුලේ හේතූන් මත ඔහුගේ ඉල්ලීම පරිදි ඔක්තෝබර් 1 සෙනසුරාදා සිට වෙනස් කරන ලද ඕස්ට්‍රේලියාවට යාමට නියමිතව තිබූ ඔහුගේ නැවත සැලසුම් කළ ( re-scheduled ) ගුවන් ගමන ෂිම්රොන් හෙට්මයර්ට මග හැරීම නිසා” යැයි CWI මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

තවද,
“අපගේ T20 ලෝක කුසලාන සංචිතයට Shimron Hetmyer වෙනුවට Shamarh Brooks කැඳවීමට තේරීම් කමිටුව ඒකමතිකව තීරණය කර ඇති බව අපි අද පස්වරුවේ CWI අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දුන්නා,” යැයි ඇඩම්ස් පැවසීය. “පවුලේ හේතූන් මත අපි ෂිම්රොන්ගේ ගුවන් ගමන සෙනසුරාදා සිට සඳුදා දක්වා වෙනස් කලා නමුත්, ඔහුගේ ඕස්ට්‍රේලියාවට යාමේ තවත් ප්‍රමාදයන් සහ ගැටළු තිබේ නම්, ඔහු වෙනුවට සංචිතයට ඇතුළත් කිරීම හැර අපට වෙනත් විකල්පයක් නොමැති බවද ඇඩමිස් තව දුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button