Cricket NewsEXCLUSIVEIPL

CSK ලකුණු 32කින් පරාජය කරමින් සංගාගේ Rajasthan Royals කණ්ඩායම IPL ප්‍රසාද ලකුණු සටහනේ අංක එකට පැමිණෙයි.!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගාවලියේ 37න තරගය ලෙස Rajasthan Royals කණ්ඩායම සහ Chennai Super Kings කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 32ක ජයක් හිමිකර ගැනීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Rajasthan Royals ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 202ක් රැස් කිරීමට සමත් වුණා.

Rajasthan Royals වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Yashasvi Jaiswal පන්දු 43කදී ලකුණු 77ක් වාර්තා කිරීමට සමත් වුනා.

Dhruv Jurel ලකුණු 34ක් රැස් කළ අතර Devdutt Padikkal ලකුණු 27ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Tushar Deshpande කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 203ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Chennai Super Kings පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 170ක් පමණයි

Chennai Super Kings ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Shivam Dube පන්දු 33ක් තුල වෙගවත් ලකුණු 52ක් රැස් කල අතර Ruturaj Gaikwad ලකුණු 47ක් රැස් කළා.

පන්දු යැවීමේදී Adam Zampa කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7