Cricket NewsEXCLUSIVE

වාණිජ වටිනාකමින් BBL, PSL, LPL, BPL සියල්ල අභිබවමින් IPL තරඟාවලියට පමණක් දෙවැනි වන ඉන්දියාව හඳුන්වා දෙන කාන්තා ප්‍රිමියර් ලීගය – WIPL

මේ වන විට ක්‍රිකට් ලෝකයේ ජනප්‍රියතම සහ ඉහළම වාණිජ වටිනාකමක් තිබෙන ක්‍රිකට් ලීගය ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලිය බව අවිවාදිතය. ICC තරඟාවලි සඳහා තිබෙන ඉල්ලුමටම සමාන ඉල්ලුමක් මේ වන විට IPL තරඟාවලි සඳහා ද ලැබෙන බව නොරහසක්. මෙම වසරේ පටන් IPL තරඟ බිමට තවත් නැවුම් මුහුණුවරක් එක් කිරීමට ඉන්දීය ක්‍රිකට් බලදාරීන් කටයුතු කර තබෙනවා.

ඒ කාන්ත ක්‍රීඩිකාවන් වෙනුවෙන්ම පැවැත්වෙන WIPL තරඟාවලිය හඳුන්වා දෙමිනි. මිට පෙරද IPL තරඟාවලිය අතරතුර ප්‍රදර්ශනාත්මක කාන්තා තරඟ පැවැත්වුන ද මෙවර ලිග් තරඟාවලියක් වශයෙන් සාර්ථකව තරඟාවලිය පැවැත්වීමට සංවිධායකයන් සැලසුම් කර තිබෙනවා.

තරඟාවලිය සඳහා කණ්ඩායම් 5ක් තරඟ වදින අතර ඒ අනුව කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් හිමිකාරීත්වය ලබා ගන්න වෙන්දේසිය අද අවසන් වූ අතර එහිදී 2023-2027 තර්න්ගාවලින් සඳහා කණ්ඩායම් වල අයිතිය බෙදී ගියේ මෙලෙසයි.

අහ්මදාබාද් කණ්ඩායම – ගෞතම් අදානි – ඉන්දිය රුපියල් කෝටි 1289

මුම්බායි – මුම්බායී ඉන්දියන්ස් – ඉන්දිය රුපියල් කෝටි 912.99

බැංගලෝර් – රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – ඉන්දිය රු. කෝටි 901

දිල්ලි – දිල්ලි කැපිටල්ස් – ඉන්දිය රු. කෝටි 810

ලක්නව් -CAPRI GLOBAL – ඉන්දියරු. කෝටි 757

මේ දැවැන්ත වෙන්දේසිය සමග ලෝකයේ දෙවන ධනවත්ම ක්‍රිකට් ලීගය බවට පත්වන්නට කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීගය (WIPL) සමත් වූ අතර එය දෙවනි වන්නේ IPL ලීගයට පමක් වීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7