Cricket NewsEXCLUSIVE

නිමා වුනු අන්තර් සමාජ තුන්දින තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ නිශාන් මධුශංකගේ පිත්තෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව අදත් විශිෂ්ට ශතකයක්.!

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (26 දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 263 ක් ලබා එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන් හමුවේ ප්‍රබල පිළිතුරක් ලබාදීමට සමත්වූහ.

පළමු දිනය අවසනදී ලකුණු 56 ක් ලබා දිගු ඉනිමකට මුල පුරා සිටි මදුශ්ක අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිල වෙනුවෙන් අගනා ශතකයක් රැස් කළේය. එම ශතකයත් ළහිරු උදාරගේ ලකුණු 93 ත් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් XI කණ්ඩායමට හිස එසවීමට අවස්ථාව උදාවිය. මෙම පිතිහරඹය නිසා එංගලන්ත ලයන්ස් පිතිකරුවන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිතිකරුවෝද වේගයෙන් පන්දුවට පහර දීම කැපී පෙනිණ. දිවා ආහාරය සඳහා නතර කරන විට එංගලන්ත පිල යොමු කරන ලද පන්දුවාර 47 දී ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාරයකට 5.59 කට වඩා වැඩි දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රදවා තබා ගැනීමට සමත්ව සිටියා.

දේශීය ක්‍රීඩා සමාජ තරගාවලියේ ත්‍රිත්ව ශතකයක්ද සමගින් ලකුණු 1000 සීමාව ඉක්මවා ලීමට සමත් වූ නිශාන් මදුශ්ක ජැක් කාර්සන්ගේ පන්දුවක් හමුවේ ඉදිරියට පැමිණ එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමඟ ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත් වුයේ රතු පන්දුව ඉදිරියේ තමන්ගේ විශිෂ්ට පුතිකරණය නැවත නැවත සනාථ කරමිනි . මුහුණ දුන් 113 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගත් දකුණත් පිතිකරුවා දිවා ආහාරය වන විට ලකුණු 119 ක් ලබා අනොදැවී ක්‍රීඩා කරමින් සිටිනවා.

මුලු ලකුණු සංඛ්‍යාව 93 සිට ඇරැඹි මොවුන් දෙදෙනාගේ තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිද දැමීමට එංගලන්තය නොයෙකුත් උපක්‍රම භාවිතා කළද ඒ කිසිත් මායිම් නොකළ මදුශ්ක – උදාර යුගල තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 170 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වුනා.

කෙටි පන්දු දුටු විට නිරන්තරයෙන්ම පුල් පහර එල්ල කිරීමට මොවුන් දෙපළ පෙළැඹීම නිසා එම පහරින්ම මොවුන් දවා ගැනීම එංගලන්ත කණ්ඩායමේ සැලසුම විය. ඒ පා ඉන්නත්, සීමා ඉරත් අතර පන්දු රකින්නන් දෙදෙනකුත්, සීමා ඉරට එහායින් රකින්නකුත් රඳවමින් කෙටි පන්දු වැළක් යොමු කළද ඉන් නොසැලුණු ළහිරු උදාර සහ මදුශ්ක සිත්සේ ලකුණු රැස් කළහ.

එහෙත් ශතකයට ලකුණ 07 ක් තිබියදී ඉවසීම ඉහවහා යෑම නිසා සීමා ඉරෙන් ඉදිරියට පැන එල්ල කරන ලද ලෝන් ඔන් කළාපයේ සිටි 85 රැක ගැනීම නිසා ළහිරු උදාරගේ ඉනිම ලකුණු 93 කදී නිමාවට පත්විය. ඒ සමඟම විනිසුරුවරුන් දිවා විවේකය සඳහා තරගය අත්හිටනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7