Cricket NewsEXCLUSIVEInternational

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් පහරදීම, ලුහුබැඳීම ඇතුළු ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වෙයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක හා විස්තර විචාරක මයිකල් ස්ලේටර් පහරදීම, ලුහුබැඳීම ඇතුළු ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වෙයි. ස්ලේටර්ගේ නඩුව ඊයේ ක්වීන්ස්ලන්තයේ මරුචිඩෝර් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර, සිදුවූ බව කියන වැරදි සම්බන්ධයෙන් ඔහුට චෝදනා 19ක් එල්ල වී තිබේ. එබැවින් ප්‍රාදේශීය පොලිසිය ඔහු රිමාන්ඩ් භාරයට පත්කළ අතර, මෙයට පෙර කිහිප වතාවක්ම ඇප නීති කඩ කළ බවටද චෝදනා නගා ඇත.

ගාඩියන් පුවත්පතට අනුව, 54 හැවිරිදි ස්ලේටර්ට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ වසරේ අප්‍රේල් 12 වැනිදා දක්වා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, කාන්තාවන් පසුපස හඹා යෑම, බිය ගැන්වීම්, ශාරීරික පහරදීම්, වාසස්ථානයකට කඩා වැදීම, ජීවිත හානියක් සිදු කිරීම උදෙසා හුස්ම හිර කිරීම ඇතුළු වැරදිවලට චෝදනා එල්ල වී තිබේ.

1993 සහ 2003 අතර කාලයේදී ටෙස්ට් තරග 74කට සහ එක්දින තරග 42කට ක්‍රීඩා කළ හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු මේවන විට විස්තර විචාරකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button